සමස්ත ශූරතාව හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයට හිමි කරදෙමින් 98 වැනි සමස්ත ලංකා අන්තර් පාසල් ස්ටබ්ස් ශීල්ඩ් බොක්සිං ශූරතාව අද (14දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරයේදී නිමාවට පත් විය.
තරගාවලියේ රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් 02 ක් හා ලෝකඩ පදක්කම් 02 ක් හිමි කරගැනීමට විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨය සමත් විය.
බර පංති 16 ක් යටතේ, පාසල් 39 ක ක්‍රීඩකයන් 129 දෙනෙකු මෙවර තරගාවලියට ක්‍රීඩා කළ අතර, එහිදී සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමි කරගැනීමට හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ කේ.කේ. මධුරංග සමත් විය.
කොළඹ රාජකීය විදුහලේ එන්.වී. නෙරංජන් දක්ෂතම පරාජිතයාට හිමි සම්මානය හිමි කරගත්තේය.
තරගාවලිය පෙරේදා (12) ආරම්භ විය.