ඩිල්ෂාන්ගේ ශතකයෙන් ලෙජන්ඩ්ස් තරගයේ ජයත් ලංකාවට
ලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 38ක ජයක් වාර්තා කිරිමට සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී ලකුණු 218ක් රැස්කිරීමට සමත්විය.
නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56කදී ලකුණු 107ක් රැස්කළ අතර ඩිල්ෂාන් මුණවීර පන්දු 63කදි නොදැවී ලකුනු 95ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 208ක සබඳතාවක් පන්දුවාර 18.5කදී පැවැත්වීය.
ලකුනු 219ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 18කදී සියලු දෙනා දැවී ලකුණු 180ක් රැස් කළේය.
popular news
-
Anura Nanayakkara Monday, 12 September 2022 03:44 AM
Dilshan is still good to play for Sri Lanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

