යුපුන්ගෙන් ඉතිහාසගත ලෝකඩ පදක්කමක්
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විසින් මිටර් 100 කෙටිදුර ධාවන ඉසව්වකදී දිනාගත් පළමු පදක්කමට හිමිකම් කිමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්විය.
ඒ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඔහු සමත්වීමත් සමගිනි. යුපුන් එම ඉසව්ව තත්පර 10.14 කින් අවසන් කිරීමට සමත්විය.
කෙසේ වෙතත් මෙම කාලය යුපුන්ගේ පෞද්ගලික හොඳම කාලයද නොවෙයි. මෙම ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය.
-
Nandana Thursday, 04 August 2022 02:34 AM
Proud of you !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

