මැතිව්ස්ට උසස්වීමක්
- 31 07 2014
- 23:19
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
සංගාගේ වෙනසක් නැහැ
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (31දා) නිකුත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් පියවර 05ක් ඉදිරියට පැමිණෙමින් අංක හය පිතිකරුවා දක්වා ඉදිරියට පැමිණ ඇත. එය මැතිව්ස් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ මෙතරම් ඉදිරියට පැමිණි පළමු අවස්ථාවයි.අවසන් වරට පසුගිය ජුනි මස සිදුකළ ශ්‍රේණිගතකිරීමේදී මැතිව්ස් 13 වැනි ස්ථානයේ සිට 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.
කුමාර් සංගක්කාරගේ ස්ථානයේ වෙනසක් සිදුව නොමැති අතර, සුපුරුදු පරිදි ඔහු මෙහි දෙවැනි ස්ථානයේ රැඳී සිටියි. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ යොවුන් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල 77 වැනි ස්තානයට පැමිණ ඇත.ඔවුන්ට අමතරව රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නන් අතර 08 වැනි ස්ථානයට පැමිණ තිබේ.
පළමු 100 දෙනා අතර සිටින ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෝ
කුමාර් සංගක්කාර (02), ඇන්ජලෝ මැතිව්ස් (06), මහේල ජයවර්ධන (14), කෞෂාල් සිල්වා (47), දිනේෂ් චන්දිමාල් (48), ප්‍රසන්න ජයවර්ධන (56), දිමුත් කරුණාරත්න (70), නිරෝෂන් දික්වැල්ල (77), උපුල් තරංග (97)
ටෙස්ට් ශ්රේණිගතකිරීම්වලපළමු පිතිකරුවන් දස දෙනා
1.ඒ.බී. ඩිවිලියර්ස් 2. කුමාර් සංගක්කාර 3. හෂීම් අම්ලා 4. ඩේවිඩ් වෝනර් 5. ශිවනාරින් චන්ද්‍රපෝල් 6. ඇන්ජලෝ මැතිව්ස් 7. මිස්බා උල් හක් 8. මයිකල් ක්ලාක් 9. රොස් ටේලර් 10. චෙටේෂ්වර් පුජාරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

