තිසරගේ වෑයම අපතේ යයි
ලෝක කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවති ප්රදර්ශන විස්සයි20 තරගයේ ය හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට මිට මාස කිහිපයකට ඉහතදී බල පෑ හරිකේන්ස් සුළි කුණාටුවෙන් විනාශයට පත්වූ කොදෙව් දූපත්හි ක්රිකට් ක්රීඩාංගණ නවීකරණය වෙනුවෙන් මෙම තරගය ඊයේ (31දා) පැවැත්විණි.
කාසියේ වාසිය දිනාගත් ලෝක කණ්ඩායමේ නායක සහීඩ් අෆ්රිඩී මුලින්ම පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව කොදෙව්වන් පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 199ක් රැස්කළේය.
එවින් ලුවිස්, මාලන් සැමුවෙල්ස්, දිනේෂ් රාම්දීන් මෙහිදී පිත්තෙන් දක්ධතා දැක්වූහ.
ලකුණු 200ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායමට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 127ක් පමණි. පිත්තෙන් දක්ෂතා දැක්වූ තිසර පෙරේරා පන්දු 37කදී හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 61ක් රැස්කළේය. වෙනත් කිසිම ක්රීඩකයෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට නොහැකිවිය.
එසේම මෙම තරගයේදී විස්සයි20 තරග බිමේ ලකුණු 1000 සීමාව පසුකර යෑමට සමත්වූ අතර එවැනි දක්ෂතාවක් පෙන්වූ 6 වැනි ශ්රී ලාංකිකයා තිසර වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



