මේ වන විට පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්රි ලංකා ක්රිකට් ක්රීඩකයන්ගේ, සහායක කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඒ අනුව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යන බවත් ශ්රි ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායමේ කිසිවෙක් හෝ මෙම තීරණයට අනුගත නොවෙමින් නැවත ලංකාවට පැමිණියහොත් ක්රිකට් ආයතනය තරගාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ක්රිඩකයන් ආදේශ කරන බවත් පැමිණෙන සාමාජිකයන් සම්බන්ධයෙන් ඇගයිමක් කර සුදුසු ක්රියාමාර්ග ගන්නා බවත් ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
මේ වන විට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පාකිස්තාන ක්රිකට් ආයතනය සමග සම්බන්ධවෙමින් ක්රිකට් කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ගේ ආරක්ෂාව අදාළ අංශ සමග එක්ව තහවුරු කර ඇති බවද ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
