සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට ඔස්ට්‍රේලියාවේ පර්ත් හීදී පැවැත්වේ.
තරගයට ආරම්භ වී සුළු වේලාවකට පසු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 26ක් දක්වා සීමා කිරීමට තරග තීරකයන් කටයුතු කළේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩාය පන්දුවාර 20ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 84ක් ලබා සිටියේය.