සිය ප්රංශ පාපැදි ජයග්රහණයන් වෙනුවෙන් ඇමෙරිකාවේ එස්.සී.ඒ. රක්ෂණ සමාගම ඔහුට ගෙවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් වූ ප්රසාද මුදල් එම සමාගමට ආපසු ගෙවීමට ආමස්ට්රෝන්ග් කටයුතු කළේය.
ආමස්ට්රෝන්ග් තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවට වරදකරු වූ හෙයින් ඔහුගේ ප්රංශ පාපැදි ජයග්රහණයන් අවලංගු කළ අතර ඒ හේතුවෙන් එස්.සී.ඒ. සමාගම විසින් ඔහුට ගෙවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ආපසු ඉල්ලා නඩු මගට පිවිසියේය.
එම නඩුවෙන් ආමස්ට්රෝන්ග් පරාජයට පත්වූ අතර,ඒ අනුව ඔහුට එම මුදල් ආපසු ගෙවීමට සිදුවිය.