ශ්රී පාද වන්දනා සමය දෙසැම්බර් 11 දා සිට ඇරඹෙයි
ඉතිහාසයේ ප්රථම වරට සධාතුක කරඬුව දේවාරාභරණ ශ්රී පාදස්ථානය වෙත වැඩමවීම සඳහා මෙවර මාර්ග හතරක් ඔස්සේ පෙරහර සංවිධානය කොට ඇතැයි ශ්රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවැසූහ.
රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යයාල ශ්රවණාගාරයේදී පැවති 2019-1020 ශ්රී පාද සමය වෙනුවෙන් පැවති සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව ප්රකාශ කළහ.
මෙවර ශ්රී පාද වන්දනා සමය ලබන දෙසැම්බර් පොහෝ දිනයෙන් ආරම්භ වී 2020 මැයි මස පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතය. දෙසැම්බර් 09 වන දින ශ්රී පාද රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව ඇතුළු දේව ප්රතිමා විශේෂ නැකතකට අනුව එළියට වැඩමවා චාරිත්රානුකූලව තේවාවන් කර 10 වන දින අළුයම ශ්රී පාද රජමහා විහාරයේ සිට දේව පෙරහැර 04ක් ඔස්සේ ශ්රී පාදය කරා ගමන් ඇරඹීමට නියමිත අතර දෙසැම්බර් 11 දිනට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ශ්රී පාද වාරය ආරම්භ වීමට නියමිතය.
රත්නපුර කුරුවිට එරත්න මාර්ගයෙන් බැතිමතුනන් විශාල පිරිසක් ගමන් ගන්නා බැවින් කුරුවිට ප්රාදේශීය සභාව සහ කුරුවිට ප්රාදේශීය ලේකම්ගේ ඉල්ලීමකට අනුව නව දේව පෙරහැරක් ගමන් කිරීමට නාහිමි කටයුතු කරනබව උන්වහන්සේ පැවසූහ.
ඒ අනුව සධාතුක කරඬුව ඇතළු දේව ප්රතිමා වැඩමවීම ගල්පොත්තාවල ශ්රී පාද රජමහ විහාරයෙන් දෙසැම්බර් මස ආරම්භ වේ. පැල්මඩුල්ල - බලංගොඩ - නල්ලතන්නිය හරහාද , පැල්මඩුල්ල - රත්නපුර - අවිස්සාවේල්ල - ගිනිගත්හේන හරහාද, පැල්මඩුල්ල - පලාබද්දල- රජමාවත් හරහාද, පැල්මඩුල්ල - කුරුවිට - එරත්න මාර්ගය හරහාද මෙම පෙරහර හතර ශ්රී පාදස්ථානය කරා ගමන් කරනු ඇත.

popular news
-
කල්පනා Friday, 18 October 2019 06:40 AM
ස්වාභාවික සිරි නරඹමින් යාමට සුදුසුම මාර්ගය කුරුවිට එරත්න මාර්ගය බව කියන්න පුළුවන්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

