මෙම වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය 2026.05.30 වැනිදාට යොදා ගන්නා බව බෞද්ධ කටයූතු දෙපාර්තමේන්තුව පවසයි. වෙසක් පුන් පොහොය දින විසා නැකත යෙදිය යුතු බවත් , එම දිනය එළබෙන මැයි මස 30 වැනිදා යෙදෙන බවත් අතිගෞරවණීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වැනිදා ලිඛිතව දැනුම් දී ඇත. ඒ් අනුව වෙසක් සතිය මැයි 27 දා සිට ජුනි 02 දා තෙක් ක්‍රියාත්මක අතර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 27 පැවැත්වීමටත් නියමිතය.
