විනය විරෝධී භික්ෂූන් නිකායෙන් නෙරපිය යුතුයි
භික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව,ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලාවල ඇතුලු විවිධ මාධ්‍ය මගින් මේ දිනවල සුලභ ලෙස පෙනි සිටින බව ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශාසානරතන හිමියෝ අද (21දා) ශාසනික නිවේදනයක් නිකුත් කරමින් පැවැසූහ.
ලාභාපේක්ෂාව අරමුණු කරගෙන හෝ දුර්වල මානසික ස්වාභාවයන් නිසා එම පුද්ගලයින් හෝ කණ්ඩායම් සම්බුද්ධ ශාසනයට ද භික්ෂු ගෞරවයටද සිදු කරන හානියක් බවත් එවැනි පුද්ගලයින් ස්වකිය නිකාය තුළ සිටිනම් නිකායෙන් නෙරපා හැරිමට කතිකාකළ යුතු බව උන්වහන්සේ සඳහන් කරති.
අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන්ගේ උපදෙස් පරිදි එම නිකායේ සියලුම නායක හිමි පණනන් වහන්සේලාගේ විශේෂ අවධානය යොමු කරමින් මහා ලේඛකාධිකාරි හිමියන්ගේ අත්සනින් යුතු ව නිකුත් කර ඇති නිවේදනයෙහි මෙසේද සඳහන් වේ.
වැඩිදුරටත් එම නිවේදනයෙහි සඳහන්ව ඇත්තේ මේ දුර්විනිත අධර්මාවදි අවිනයවාදි භික්ෂු වේශධාරින් වෙනුවෙන් මේ අවස්ථාවේදි කළ හැක්ක නිකාය තුළ එබදු අය ලියාපදිචි වි ඇත්නම් නිකාය කතිකානුකුලව අවශ්‍ය පියවර ගෙන ඔවුන්ගේ සාමණේර,උපසම්පදා ලියාපදිංචිය බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුවේ ඇත්නම් එය අවලංගු කොට නිකායෙන් නෙරපා හැරිම බවයි.
රත්තොට රුවන් ධනංජය
popular news
-
Lelwala Thursday, 21 May 2020 12:02 PM
Ethakota bahudda aagamata ha sangayaa vahanseyta garahana desh paluwanta karanne mokakda?
Reply : 0 0
lesly ayawardana Thursday, 21 May 2020 12:21 PM
kawuda dan winishaya karanne ...winaya wirodi mahanayaka aththoda...sariyuth hamuduruwoda
Reply : 0 0
rocky Thursday, 21 May 2020 04:02 PM
oba wahansege adahasa ithaa gawrawayen anumatha karami. engalanthaye mahaa naayaka kam karadddee podi dariyak a dooshanaya kala bhikshuwa ehedee hira daduwam niyama wiya. ada mehe gampaha pradeshaye naayaya kam karayi. jambugasmulledi mahaa raathriyedi kar accident ekak wuna wita hondatama beela hitapu naayaka haamuduruwo adak yahathin naayaka kam karathi. yantharamanthara kaarayo, deshapaalana voyiskat nikaaye haamuduruwaru da badagostharawaadiyoya. munwa elawaa damaa saasanaya suddha kala yuthuwa atha!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

