ලොව පුරා ඇති බෞද්ධ ස්ථාන සංරක්ෂණයට ලංකාව සැරසෙයි
බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. මේ හරහා බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමේ මෙන්ම ප්‍රචාරණය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීම හා ලොව පුරා ඇති බෞද්ධ ස්මාරක හා ස්ථාන සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.
මේ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීම පිණිස බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

popular news
-
Nuwan Thursday, 25 October 2018 12:12 AM
හොඳ වැඩක්. ප්‍රමුකතා ලැයිස්තුවක් තියනවනම් මේක අන්තිම හරියේ තියෙන්න ඕනේ. රටේ බෞද්ධ ස්ථාන සංරක්ෂණය කරලා එවරවෙලා ඕක කරනම් හරි. මේකත් නිකන් ඉන්දියාවේ ගං වතුර අවහම අපි සල්ලි දෙනවා වගේ project එකක් කියන එකනම් පැහැදිලී
Reply : 0 2
liyange Thursday, 25 October 2018 08:17 AM
ලෝකේ ඒවා සංරක්ෂණය කරන්න ඉස්සර ලංකාවේ තියන ස්ථාන අරක්ෂ කරන ඕනේ කියල රට පාලනය කරන හර්ක්කට තීරෙනේ නැද්ද ? නිකම් බොරු දර්ශනය මිනිස්සු රවට්ටන්න.
Reply : 0 2
rocky Thursday, 25 October 2018 08:21 AM
ලෝකෙට පරකාසේ .. ගෙදරට මරගාතේ! අඩු ගන්නේ මෙහෙ තියන බවුද්ධ සිද්ධස්ථාන රැක ගන්න බැරි මුන්නහෙලගේ නෙයියාඩම් ඇහුණාම ඔලුව අබිලික් වෙනවා. ඔක්කොටොම ඉස්සෙල්ල රටේ ඉන්න දුප්පත් බවුද්ධයන්ට එදිනෙදා තුන්වේල කාලා ජීවත් වෙන්න වත් ඉඩ සලස්සනවා නම් හොඳයි, ඔය සුපිරි බවුද්ධ සංකල්ප දාන්නේ නැතුව. ඔහෙලා කැමතිනම් ඉක්මනට නිවන් දකින්න. එත් අපට තව ටිකක් ජීවත් වෙන්න ඉඩ දෙන්න!
Reply : 0 1
medalankara da choppe Thursday, 25 October 2018 12:34 PM
අපි බඩගින්නේ. අපිට කන්න දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

