මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30දා) නිකිණි පොහෝ දින වීදි සංචාරය කිරීමට නියමිතය.
අද රාත්රී 07.03ට යෙදෙන සුබ මුහුර්තියෙන් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදියෙන් පහළටවිත් යටිනුවර වීදියට පැමිණ කන්දේ වීදියෙන් ඩී.එස්. සේනානායක වීදියට පැමිණ රජ වීදියෙන් ඉහළටවිත් පෙරහර ගෙවැදීමට නියමිතය.
දිය කැපීමේ චාරිත්රය -
ඊට පසු දින (31දා) අලුයම 02.39ට යෙදෙන සුබ මුහුර්තියෙන් උතුරු දිශාභිමුඛව ශ්රී දළදා මාළිගාවෙන් පෙරහර පිටත්ව සිව් මහා දේවාලයන්ද සමග දළදා වීදියෙන් ඩී.එස්. සේනානායක වීදියට සේන්දු වී, ඒ ඔස්සේ ගෙඩිගේ රජමහා විහාරයට (ආදාහන මළුව) ගොස් සධාතුක කරඬුව එහි තැන්පත් කොට, සිව් මහා දේවාලයන්හි දේව පූජා පැවැත්වීමෙන් අනතුරුව කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ චාරිත්රය සිදුකොට කටුකැලේ ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව සිදුකිරීමට නියමිතය.
ෂේන් සෙනෙවිරත්න/ දුම්බර - එම්.ආර්. ප්රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

