බුදුන්ගේ ධාතු ලංකාවට වැඩමවීමට ඉන්දියාව බෑ කියයි
ඉන්දීය ජාතික කෞතුකාගාරය සතුව පවතින බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු ශ්‍රී ලංකාව වෙත වැඩමවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් ඉන්දීය ජාතික කෞතුගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවය වාර්තා කරන්නේ එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩමවා ලක්වාසී ජනතාවගේ වන්දනාමානයට ප්‍රදර්ශනය කිරීමට එළැඹෙන 30දා හා තවත් දින කිහිපයක් තබා ගැනීමට ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබූ බවයි.
කෙසේ වෙතත් මිලකළ නොහැකි මෙම පෞරාණික වස්තූන් ශ්‍රී ලංකාවට වැඩමවීමේ අදහස ඉන්දීය ජාතික කෞතුකාගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට වෙනත් වස්තූන් කිහිපයක් ශ්‍රී ලංකාවට යොමු කිරීමටද එහි අවධානය යොමුව ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවය වාර්තා කරයි.
මෙම සර්වඥ ධාතූන් ඇතුළු කෞතුක භාණ්ඩ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස රැක බලා ගන්නා බවද එම පුවත් සේවය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


