කුසුමාරාම පුරාණ මහා විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අවසන් කර ගැනීමට ආධාර පතයි
සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේ ඉදි කෙරෙන නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩකටයුතු අවසන් කර ගැනීමට විහාර කාර්ය සාධක සමිතිය පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.
මෙම විහාරස්ථානයේ පිහිටා තිබූ වසර දෙසීයකට වඩා පැරණි සංඝාවාස ගොඩනැගිල්ලේ බිත්තියක් පසුගිය දිනවල පැවැති වර්ෂාවත් කඩා සමග වැටීම නිසා එහි තිබූ පොත්පත්, පිඟන් කෝප්ප රාශියක් විනාශ වී තිබේ.
එම ආවාස ගෙය අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයක පවතින හෙයින් දායක දායිකාවන්ගේ ආධාර මත ඒ අසල ඉදිකරමින් පවතින නව සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර ගැනීමට විහාර කාර්ය සාධක සමිතිය බලාපොරොත්තු වෙයි.
මේ සඳහා ආධාර කිරීමට කැමති පරිත්‍යාගශීලී පින්වතුන්ට මහජන බැංකුවේ බළපිටිය ශාඛාවේ 54200197250065 දරන ගිණුමට ඒ සඳහා වන පරිත්‍යාග බැර කළ හැකි අතර 091-2276752 දුරකථන අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.
හික්කඩුව - ඩී.එම්.එම් ද සිල්වා


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

