රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොටදී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට නයිගල පුරාණ රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.
මැයි මස 21 සහ 22 වන දින රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ. ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේදි පැවැත්විණි.
ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන කාල සීමාව වෙසක් සතිය යනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර බුද්ධශාසන අමාත්‍යාංශයේදි පැවති සාකච්ඡාව සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නයිගල රාජමහා විහාරාධිපති පූජ්‍ය මුරැතවෙල සුමන නායක ස්වාමින් වහන්සේලා මෙන්ම අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, දිලිප් වෙදආරචිචි හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජයේ නිලධාරින් ද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

