සියම් මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 72 වැනි ජන්ම දිනය අදට (30) යෙදී ඇත. වර්ෂ 1944 මැයි 30 වැනි දින මාතලේ තිබ්බටුවාවේ ග්‍රාමයේදී උපත ලද මහ නාහිමියෝ වයස අවුරුදු 13 දී පැවිද බිමට පිවිසුණහ.
වාහල නාග නමින් 1964 දී උපසම්පදාව ලද උන්වහන්සේ 1968 වසරේදී විංසත් වර්ගික කාරක සංඝ සභාවට පත් වූහ. මල්වතු පාර්ශවයේ උප ලේකම් ධූරයට 1979 දී පත්ව ඉන් හත් වසරකට පසු ලේකම් ධූරයටද පත් මහනාහිමියෝ 1992 වසරේදී අනුනායක පදවියට පත්වූහ. වර්ෂ 2004 දී මල්වතු පාර්ශ්වයේ විංසත් වර්ගික කාරක සංඝ සභාවේ සියලු දෙනා වහන්සේගේ පූර්ණ එකඟත්වයෙන් මහනායක පදවියට පත් උන් වහන්සේ අදාළ කාලය තුළ මහනායක ධූරය බබළවමින් සෙසු නිකායික මහ සංඝරත්නය සමඟ නිරන්තර සබඳතා පවත්වා ගනිමින් සිදු කරන්නා වූ ජාතික ආගමික හා ශාසනික සේවාව දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ නොමඳ පැසසුමට හේතුවී තිබේ.
අතිපුජ්‍ය මහ නායක හිමියන්හට සුබ උපන්දිනයක් වේවායි "අද "පුවත්පත ප්‍රාර්ථනා කරයි