දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
උදා වූ නව වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය 'අද'ට යෙදී තිබේ. එය අංශ කිහිපයකින්ම බෞද්ධ ජනයාට වැදගත් වේ.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ බුදු බවට පත්ව නවවැනි මාසයේ එළඹි දුරුතු පොහෝ දින උරුවෙල් දනව්වෙහි තුන්බෑ ජටිලයන් ප්රමුඛ දහසක් පිරිස දමනය කිරීමෙන් අනතුරුව ලංකාද්වීපයට වැඩම කළහ. එවකට ලක්දිව නොදියුණු යක්ෂ ගෝත්‍රික සේනාව දමනය කිරීම උදෙසා උන්වහන්සේ මෙහි වැඩම කළහ.
මහානාග නම් වනෝද්‍යානයට රැස් වූ යක්ෂ පිරිස එකිනෙකා සමග යුද වැදීමට සැරසී සිටි අවස්ථාවේ බුදු හිමියෝ එම ස්ථානයට වැඩම කොට ඍද්ධි ප්රාතිහාර්ය දක්වා ඔවුන් දමනය කළහ. බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කළ සුමන සමන් දිව්‍යරාජයා සෝවාන් වූ බවද පැවසෙයි. වැඳුම් පිදුම් කිරීම සඳහා පූජනීය වස්තුවක් ලබාදෙන ලෙස සුමන සමන් දෙවිඳුන් කළ ඉල්ලීමට බුදුරජාණන් වහන්සේ ශීර්ෂය පිරිමැද කේශ ධාතු මිටක් ලබාදුන් බවද ඉතිහාසයේ සඳහන් වේ.
කැලණි විහාරයේ වාර්ෂික පෙරහර ආරම්භ වීම සිදුවන්නේද දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේදීය. තවත් ආගමික හා ශාසනික වශයෙන් වැදගත් වූ කරුණු රැසක් දුරුතු පුන් පොහෝදින සිදු වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
