ශ්‍රී ලංකාවේ ප්‍රථම මූර්ති තොරණ
පොසොන් පොහොය නිමිත්තෙන් අවිස්සාවේල්ල, කුඩගම රිද්ම ක්‍රීඩා සමාජය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මැටියෙන් අඹන ලද මහා 'මූර්ති තොරණ' පසුගියදා අවිස්සාවේල්ල නගර සභා ක්‍රීඩාපිටියේදී ප්‍රදර්ශනය කෙරිණි.
'මූදුලක්ඛන' ජාතකය නිරූපණය කෙරුණු මෙම තොරණ ප්‍රේම්නාත් ජයසූරිය මූර්ති නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරන ලදී. අඩි 40 ක් උසින් යුත් මෙම තොරණ සියලුම මූර්ති වර්ෂාවටද ඔරොත්තු දෙන පරිදි මැටියෙන් අඹා තිබුණු අතර, මේ සඳහා මාස 06 ක කාලයක් ගත වී ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රේම්නාත් ජයසූරිය මූර්ති නිර්මාණ ශිල්පියා, "බුදුදහම පැවතගෙන එන්නෙ චිත්‍ර,
මූර්ති හා රචනය මගින්. මෙතෙක් පැවැති තොරණ සංස්කෘතිය චිත්රවලට පමණක් සීමා වුණා. ඒත් දැන් චිත්‍ර නිර්මාණ ශිල්පීන් වෙහෙසක් නොගෙන චිත්‍රත් නවීන තාක්ෂණය ඔස්සේ ඩිජිටල්කරණය කරනවා. මෙම නිර්මාණයෙන් මම බලාපොරොත්තු වුණේ අභාවයට යන තොරණ සංස්කෘතියට, විකිණෙමින් තිබෙන බුදුදහමට නව අර්ථයක් ලබාදීමටයි." යැයි පවසා සිටියේය.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

