පොහොය වැදගත්කම
අද බිනර පුරපසළොස්වක පොහොය දිනයයි. ආගමික මෙන්ම ශාසනික වශයෙන්ද වැදගත් කටයුතු රාශියක්ම බිනර පුරපසළොස්වක පොහොය දිනයේදී සිදුව තිබේ. බමුණු සමාජයේ පීඩනයන්ට හසුවී අසරණ වූ වනිතාවන්ගේ අඳුරු දිවියේ දොරගුළු විවර කර ඔවුන්ටද සැනසීම උදාකිරීමට දායක වූ පොහොය දිනයක් ලෙසද බිනර පොහොය හැඳින්වීමට පුළුවන.
කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ වැඩ විසූ බුදුරදුන්ගේ පාද මූලයේ වැඳ වැටුණු ප්‍රජාපතී ගෝතමිය බුදු සසුනේ පැවැදි වීමේ අවසරය පැතුවද එය ඉෂ්ට නොවීය.
නමුදු ප්‍රජාපතී ගෝතමී දේවිය සමග භද්දවග්ගිය කුමාරවරුන්ගේ බිසෝවරු පන්සියයක් දෙනා හිස මුඩුකොට, කසාවත් පොරවා තම අධිෂ්ඨානය සඵලකර ගැනීමට සැරසුණහ.
මේ පිළිබඳ අවධානය යොමුකළ ආනන්ද තෙරණුවෝ බුද්ධ මාතාව වූ ප්‍රජාපතී ගෝතමී දේවියගේ ඉල්ලීම බුදුරදුන්ට සැලකළහ. අෂ්ට ගරුධර්ම පිළිගන්නේ නම්, පැවිද්දට අවසර ලබාදෙන බව එහිදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ.
මෙහෙණි සසුන ආරම්භ වීමත් සමග කාන්තාවන්ගේ විමුක්ති මාර්ගය උදාවූ බැවින් බිනර පොහොය සුවිශේෂී වැදගත්කමක් උසුලයි. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ ළලාට ධාතූන් වහන්සේ නිදන් කර ඇති සේරුවිල මංගල මහා සෑයේ වාර්ෂික පෙරහර පවත්වන්නේද, බුදුරජාණන් වහන්සේගේ කේශධාතු නිදන් කර තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ඉදිකළ ගිරිහඬු සෑයේ වාර්ෂික පිංකම යෙදී තිබෙන්නේද බිනර පොහොය දිනයේදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

