අවතැන් ජනතාවට චීනයෙන් මිලියන 6 ක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති වූ නායයාම් හේතුවෙන් නිවාස හා දේපල අහිමි වු අය වෙනුවෙන් චීන ජනතාවගෙන් රුපියල් මිලියන 6 ක මුදලක් ලබාදීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු විය.
මෙම ප්‍රදානයන් ලබා දිමට චීනයේ ඇබට් කයියොන් විහාරස්ථානයේ බෙංසින්ග් හිමියන් ප්රමුඛ දූත පිරිසක් මුල් වී ඇති අතර මෙහිදි කෑගල්ල,බුලත්කොහුපිටිය,යටියන්තොට හා අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 131 ක් සදහා රුපියල් මිලියන 4 ක මුදලක් ප්රදානය කරන ලදී.
මීට අමතරව හත්ගම්පොල මහා විද්‍යාලය,දිප්පිටිය රාජගිරිය මහා විද්‍යාලය හා දිප්පිටිය අල්අර්ෆා මුස්ලිම් විද්‍යාල වල සිසුන්ගේ අවශ්‍යතා සදහා රුපියල් මිලියන 2 ක මුදලක්ද එම පාසල්වල විදුහල්පතිවරුන්ට ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට බෙංසින්ග් හිමියෝ ඇතුළු සංඝයා වහන්සේලා දෙනමක්,චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, චීන ලංකා මිත්‍රත්ව මණ්ඩලයේ සභාපති බංඩාර ඒ දිසානායක, චීන මිත්‍රත්ව මණ්ඩලයේ ලේකම් ඩී.ඒ.ආර්.බී දිසානායක,සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රම්‍ය වර්ධන පොඩිනිලමේ,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

