පිටියේගෙදර විහාරයේ වසර 300ක ඉපැරැණි කොත් වහන්සේ දෙනම සොරාගෙන
වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් ඓතිහාසික පිටියේගෙදර රජ මහා විහාරස්ථානයේ වසර 300 කට වඩා ඉපැරැණි විහාර මන්දිරයෙහි වහලයේ තැන්පත් කර තිබූ පෞරාණික වටිනාකමකින් යුත් කොත් වහන්සේ දෙනම ඊයේ 29 වනදා සොරුන් විසින් සොරකම් කර ඇති බව විහාරාධිපති මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය කෙවුල්ගම සුමනසාර හිමියන් විසින් වත්තේගම පොලීසිය වෙත පැවිණිලි කරනු ලැබ තිබේ.
මේ සම්බන්ධයෙන් විහාරාධිකාරි පූජ්‍ය කෙවුල්ගම සිද්ධාර්ථ හිමියන් සඳහන් කළේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ ඉදි කර ඇති මෙම ඓතිහාසික රජ මහා විහාරයේ විහාර මන්දිරයේ වහලයේ මෙම කොත් වහන්සේ දෙනමද එම කාලයේම තැන්පත් කර තිබූ බවත් මෙය අතිශයින් පෞරාණික වටිනාකමකින් යුක්ත බවත් මෙම කොත් වහන්සේ දෙනම හැකි ඉක්මනින් නැවත විහාරස්ථානය වෙත සොයා දෙන ලෙස සියලු අංශවලින් ඉල්ලා සිටින බවත්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර බණ්ඩාර නවරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

