Veg Curd Sandwich

එළවළු හා මී කිරි එකතුකර ඉතා පහසුවෙන් සාදාගත හැකි මෙම සැන්ඩ්විච් උදෑසනට ඉතා පෝෂණීය ආහාරයකි. මෙම ආහාර වට්ටෝරුවට අනුව සකසන සැන්ඩ්විච් ප්‍රමාණය ආහාරයට ගැනීමෙන් කැලරි 285ක පෝෂණයක් ලබාගත හැකිය.
අවශ්‍ය ද්‍රව්‍ය -
පාන් පෙති 4ක්
මී කිරි කෝප්ප ¾
අවශ්‍ය ප්‍රමාණයට ලුණු
ග්‍රේට් කරගත් කැරට් කෝප්ප ½
අමු මිරිස් කරලක්
අබ කුඩු තේ හැඳි ¼
ගම්මිරිස් තේ හැඳි ¼
අවශ්‍යනම් කෑලි මිරිස් ස්වල්පයක්
කුඩාවට කපාගත් කොත්තමල්ලි ,
පාර්ස්ලි කොළ අත්ලක ප්‍රමාණයක්
බටර් තේ හැඳි 2ක්
ඔලිව් තෙල් තේ හැන්දක්
සාදාගන්නා ක්‍රමය -
බටර් ගාගත් පාන් පෙති හතර ටෝස්ටරයට දමා ටෝස්ට් කරගන්න.
මස්ලින් රෙදි කඩක් ගෙන මී කිරි හොඳින් මිරිකා වතුර ගතිය ඉවත් කරගන්න. (මෙය පෙර දින රාත්‍රියේ සිදුකර මී කිරි ශීතකරණයේ තබා පසුදින උදෑසන පාවිච්චියට ගත හැකිය.) කැරට් හා අනෙකුත් ද්‍රව්‍ය මී කිරි සමග එකට මිශ්‍ර කරගන්න. පාන් පෙති අතරට සාදාගත් මිශ්‍රණය දමාගත් පසු පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ආහාරයට ගන්න.( මිශ්‍රණය පාන් පෙති මත ඇතිරීමෙන් පසු ග්‍රිල් කිරීම හෝ ටෝස්ට් කිරීම නොකරන්න)
නදීශානි පතිරණ


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

