පොළොන්නරුව වැලිකන්ද මල්විල නවසේන පුර පදිංචි එන්.එස් නාලනී (35) මහත්මිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන්නීය. සය දරු මවක වන ඇය මේ වන විට දරුවන් ජීවත් කරවීමේ අරගලයටද මුහුණපා සිටියි.ඇගේ දෙවැනි දියණිය වන එච්.ඒ ශානිකා උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව සිටියද ඇයද පපුවේ සිදුරු දෙකක් සඳහා ප්‍රතිකාර ලබන්නීය. නාළීනී මහත්මියගේ සැමියා වන එච්.ඒ වසන්ත හෙට්ටිආරච්චි (42) මහතාට ස්ථිර රැකියාවක් නොමැති අතර ඔහු කුලී වැඩ කිරීමෙන් හා මිරිස් වගා කිරීමෙන් සිය දරුපවුල ජීවත් කරවයි.
කටු මැටි වරිච්චි බිත්තියෙන් තනා ටකරන් සෙවිළි කර ඇති ඔවුන්ගේ නිවසට මීට සති තුනකට පෙර වන අලි අලාභහානි සිදු කර තිබේ. නාලිනී මහත්මියගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා එන්නත් ලබාදීමට මාසිකව රුපියල් හයදහසක මුදලක්ද, දෙවැනි දරුවාගේ ප්‍රතිකාර සඳහා හා බෙහෙත් වියදම් ඇතුළු අනෙක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද මාසිකව විශාල මුදලක් වැය කිරීමට ඔවුනට සිදුව තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ ඇගේ සැමියා වන වසන්ත හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය.
"දරුවාගේ බෙහෙත් ටික ගන්න හරි උදවු කෙරුවනම් ඒ ඇති. මට කොහොම හරි කුලී කරලා පවුලගේ එන්නත්වලට වියදම හොයාගන්න පුළුවන්. දරුවෝ දෙන්නෙක් උසස් පෙළ කරනවා.එක දරුවෙකුට තමයි පපුවේ සිදුරු දෙකකට ප්‍රතිකාර කරන්නේ.ඒ අයට උගන්න ගන්න තිබුණොත් නම් අපිට එය ශක්තියක් වෙයි. මට පුළුවන් විදිහට කුලී වැඩ කරලා මේ අයව පෝෂණය කරනවා. අපට කියල තිබුණු මඩ ඉඩම දරුවාගේ ,පවුලගේ බෙහෙත් හේත් වියදම්වලට උගස් වෙලා ඉවරයි. බෙහෙත් හේත් ටික ගන්න කාට හරි උපකාරයක් කරන්න පුළුවන් නම් ලොකු පිනක්"
මෙම අසරණ පවුල සඳහා ඔබටත් යම් උපකාරයක් කළ හැකි නම් හැටන් නැෂනල් බැංකුව පොළොන්නරුව ශාඛාව 044020195364 දරණ ගිණුමට මුදල් ආධාර බැර කළ හැකි අතර මේ පිළිබඳ වැඩි විස්තර 0723751984යන දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිය.