සුෂුම්නාවේ ආබාධයකින් සහ හදිසි අනතුරකින් අතැඟිලි අහිමිව එක්තැන්ව සිටින සැමියාත්, පාසල් යන දරුවන් තිදෙනාත් ජීවත් කර ගන්නට වෙරදරන තිදරු මවක පිළිබඳව ගලේවෙල, දඹේවටන ප්‍රදේශයේ වාර්තා වේ.
ඩී.එම්. දිස්නා කුමාරි සමරකෝන් (අවු.39) නමැති මව කුලී වැඩ කරමින් සිය සැමියාගේ ප්‍රතිකාර කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා හැකි පමණනින් මුදල් ඉපැයීම සිදුකරයි.
මෙම අසරණ පවුලට උපකාර කිරීමට කැමති අයෙකු වෙතොත් මහජන බැංකුවේ ඩී.එම්.දිස්නා කුමාරි සමරකෝන් නමින් ඇති 115 – 2 - 001- 2 - 0009461 අංක දරන ගිණුමට මුදල් ආධාර බැර කළ හැකිය.
මේ පිළිබඳ වැඩි විස්තර 0721314412 යන දුරකථන අංකයෙන් විමසා දැනගත හැකිය.