ක්‍රීඩාව තුළින් තම පාසලට හා රටට කීර්තියක් අත්කරදී ලොව ජයගන්නට සිහින මැවූ වරකාපොළ දොරවක සිරිනිවස විදුහලේ ආදි ශිෂ්‍යාවක වන එච්.ජී.දුලාංජලී ප්‍රේමලාල් මෙනවිය මීට මාස කිහිපයකට පෙර පාදයේ ඇතිවූ දරුණු අබාධයක් හේතුවෙන් මේ වනවිට මහත් අසරණ තත්ත්වයට පත්ව සිටින්නීය.
අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම විෂය බාහිර කටයුතුවලදීද පාසලට මහත් අභිමානයක් වූ ඇය 2010 වර්ෂයේදී පාසලේ ක්‍රීඩා නායිකාව වෙමින් තම පාසල සමස්ත ලංකා ශූරතාව දක්වා රැගෙන ගිය දක්ෂ දැරියකි.ඇගේ රෝගී තත්ත්වය නිසාවෙන් විශ්වවිද්‍යාල වරම් අහිමි වී ගියද විද්‍යාපීඨ අධ්‍යාපනය සඳහා ඇයට වරම් ලැබී තිබෙන නමුත් ඒ සඳහාද මෙය විශාල බාධාවක් වී තිබේ. පාදයේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වයට ඇගේ දෙමාපියන් නොයෙකුත් ප්‍රතිකාර ලබාදුන්නද ඉන් සුවයක් ලැබී නොමැත.
ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය හර්ෂ මෙන්ඩිස් මහතා වෙත ඇය යොමු කළ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ මෙම තත්ත්වය ස්ථිර වශයෙන්ම සුව කිරීමට නම් ඇයට අස්ථියක් බද්ධ කළයුතු බවයි. එම ශල්‍යකර්මය සඳහා රුපියල් 750,000ක මුදලක් අවශ්‍ය වී වන බව ඇගේ පියා වන එච්.පී.රංජිත් ප්‍රේමලාල් මහතා පවසා සිටියි.
දිවිගෙවීමට තරම් සුදුසු නිවසක් පවා අහිමි දුලාංජලී සමෘද්ධිලාභී පවුලක වැඩිමහල් දියණියයි. පෙදරේරු රැකියාවෙන් ලබාගන්නා මුදලින් එදාවේල පිරිමහ ගන්නා ඇගේ පියාණන්ට මේ වනවිට තම දියණියගේ අසනීප තත්ත්වය වෙනුවෙන් කළ හැකි යමක්ද නොමැත.මේ නිසා තම දියිණියණිගේ ශල්‍ය කර්මය සිදු කරගැනීමට ඇගේ පියා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. ඒ සඳහා කැමැත්තක් දක්වන්නන්ට ඇගේ පියා වන එච්.පී. ආර්. ප්‍රේමලාල් නමින් වරකාපොළ ලංකා බැංකුවේ විවෘත කර ඇත 79148494 ගිණුම් අංකය යටතේ ඇති ගිණුමට මේ සඳහා වන ආධාර මුදල් බැර කළ හැකිය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු - 035 5613400 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.