මව වෙනුවෙන් කවි බණ කී දරුවන්ගේ ප්‍රාර්ථනා ඉටුවෙයි
හෘදයාබාධයකින් පෙළෙන සිය මව සුවකර ගැනීම සඳහා කවිබණ කියමින් මුදල් එකතු කරන දරුවන් දෙදෙනෙකු පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා වීමෙන් පසුව අදාළ මවගේ ශල්‍යකර්මය රජයේ රෝහලකින් නොමිලේ කරදෙන්නැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පාලිත මහීපාල මහතාට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව අලුත් අවුරුද්දෙන් පසුව ඉතා ඉක්මනින්ම එම ශල්‍යකර්මය සිදුකළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.පොළොන්නරුව පුලතිසිගම ප්‍ර‘දේශයේ පදිංචි ඉඳුවර සකුන්ත (අවු 07) සහ ඉන්දීවරී සකුන්තලා (18) යන සහෝදර සහෝදරියන් දෙදෙනා පාසල් ගොස් පැමිණ දිනපතා ගමින් ගමට ගොස් කවිබණ කියමින් තම මවගේ ශල්‍යකර්මය සඳහා මුදල් එකතු කරන බව පසුගිය සිකුරාදා (08දා) 'අද' පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ විය.
මෙම දරුවන් දෙදෙනා සම්බන්ධ ප්‍රවෘත්තිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා විසින් රාජිත සේනාරත්න මහතාට පෙන්වීමෙන් පසුව නොමිලයේ ශල්‍යකර්මය කළ හැකි බව ඇමතිවරයා පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
