කුඩා දියණිය සුවපත් කරගැනීමට පිහිට පතයි
පුර්ණ ශ්‍රවණාබාධිත තත්ත්වයකින් පෙළෙන නො.1780, සෝනුත්ත, නුගගොල්ල, මාතලේ ලිපිනයේ පදිංචි වයස අවුරුදු දෙකක් වන ඒ. ජී. කලනි විහංසා දැරියට කර්ණශංඛ බද්ධ සැත්කමක් සිදුකිරීමට උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ. එච්. එම් සිසිර බණ්ඩාර ඇතුගල්ගම මහතා විසින් නිර්දේශ කර තිබේ.
මෙම සැත්කම 2017 අගෝස්තු මස පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදී සිදුකිරීමට නියමිත අතර, සැත්කමෙන් පසු වසර කිහිපයක් මෙම දැරියට කථන පුහුණුව ලබා දිය යුතු බවද වෛද්‍යවාර්තා මගින් පෙන්වා දී තිබේ.
දැරියගේ පියා වන ඒ. ජී. අජිත් කුමාර, විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබළෙක් වන අතර සැත්කම සඳහා වැයවන රු. 4 050 000ක මුදල සොයාගැනීමට තමන්ට අපහසු හෙයින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර බලාපොරොත්තු වෙයි.
දැරියගේ සැත්කම සඳහා ආධාර කළ හැකි අය වෙතොත් කළණි විහංසා දැරියගේ නමින් කොමර්ෂල් බැංකුව මහනුවර ශාඛාවේ ගිණුම් අංක 8730034551 වෙත බැර කරන මෙන් දැරියගේ පියා ඉල්ලා සිටියි.
වැඩි විස්තර 071 5 670 178 දුරකථන අංකයෙන් අජිත් කුමාර(පියා) අමතා ලබාගත හැක.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
