කළුතර පයාගල උතුර ගොරකදූව අංක 31 හි පදිංචි ඒ.එච්. හේමන්ත මහතාගේ දියණිය වන පූර්ණි පියුශානි දැරිය (06) අක්මා සහ වකුගඩු රෝගයකින් පෙළන අතර ඇය දැනට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ 24 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නීය.
ඇයට මෙම රෝගය සඳහා ශල්‍ය කර්ම දෙකක් ඉන්දියාවේ ග්ලෝබල් රෝහලේදී සිදු කරන්නට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති අතර ඒ සඳහා ලක්ෂ 85 ක මුදලක් වැයවන බවද දැනුම් දී තිබේ.
එම මුදල දැරීමට අපහසු හෙයින් ඒ සඳහා දායක විය හැකි අය වෙතොත් ආධාර කරන්නැයි දැරියගේ පියාවන හේමන්ත මහතා ඉල්ලා සිටියි. ආධාර කළ හැකි අයෙකු වෙතොත් මහජන බැංකුවේ කොටුව ශාඛාවේ 139-2-001-6-0338418 ගිණුමට ආධාර මුදල් බැර කරන ලෙසත් වැඩි විස්තර 077-1095093 අංකයෙන් ඇමතීමෙන් ලබාගත හැකි බවත් දැරියගේ පියා පවසයි.