මෙවර වගා කරන්නට යෙදුන දේශීය ලොකුලූණු අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කොට තිබීම නිසා විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූණු පාලනය කිරීම සිදු නොකළහොත් වෙනත් වසරවල මෙන් දේශීය ලොකු ලුණු ගොවියාට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවන බව දේශීය ලොකු ලූනු ගොවියෝ පවසති.
දඹුල්ල ,ගලේවෙල ,ගල්කිරියාගම ආදී ප්‍රදේශ වල වගා කෙරුණු දේශීය ලොකු ලූණු අස්වනු මීට දින තුනකට පමණ ඉහත සිට නෙලීම ආරම්භ කොට තිබේ .ලොකු ලුණු කිලෝ එකක ගැනුම් මිල හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අලෙවි වන්නේ රුපියල් 80 සිට රුපියල් 100 දක්වා වූ මිල පරාසයක් තුළ බව ගොවීහු පෙන්වා දෙති.
එම මිලටවත් තම අස්වනු අලවි කර ගන්නට නොහැකි බව ගලේවෙල දේවහුව ප්‍රදේශයේ ගොවින් කියති
එවැනි තත්ත්වයක් තිබියදී ඉන්දියාව සහ පාකිස්තානයෙන් ගෙන්වන ලද විදේශීය ලොකු ලූණු කිලෝව රුපියල් එක 80 ත් 110 ත් දක්වා වූ මිල ගණන් යටතේ අලවි කිරීම සිදුවෙන නිසාවෙන් දේශීය ලොකුළුණු සඳහා සාධාරණ මිලක් නොලැබෙන බව ගොවීන් පවසති.
ගලේවෙල ප්‍රදේශයේ මහා පරිමාණ දේශීය ලොකුළුණු වගා කරුවෙකු වූ එස්.ඒ .රතනපාල මහතා කියා සිටියේ තමන් මෙවර රජය විශ්වාස කොට රජයෙන් කළ ඉල්ලීම අනුව රුපියල් මිලියන තිස්පහක් වියදම් කොට ලොකු ලුණු අක්කර විසි පහක ප්‍රමාණයක් වගා කළ බවය, දේශීය ලොකු ලූණු සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට නම් කඩිනමින් විදේශීය ලොකු ලුණු සදහා බදු මුදලක් පනවා පාලනය කළ යුතු බවත් බදු සහන කූට ව්‍යාපාරිකයන්ට ලබා ගැනීමට නොහැකි වන පරිදි කඩිනමින් මේ දිනවල පැනවිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
ලොකු ලුණු වගා කිරීම සඳහා යන පිරිවැය විශාල වශයෙන්ම අධික වීම නිසා ලූණු කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට රුපියල් 150කට අධික මුදලක් වියදම් වන බව බවද වෙළඳපළේ දේශීය ලොකු ලූණු කිලෝ එකක් රුපියල් දෙසිය පනහක උපරිමයකට අලවි කිරීම සිදුකළ හොත් ගොවියාට පාඩුවක් නොවන බවද ගොවින් කියති


