පසුගියදා ඇතිවූ ජලගැලීමෙන් කඩාවැටුණු පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 9 කණුව තබ්බෝව කොන්ක්රීට් පාලම වෙනුවට සවිකෙරුණු යකඩ පාලම ගමනා ගමනය සඳහා අද පස්වරු 1.30ට පමණ විවෘතකළ බව පුත්තලම මාර්ග සංවර්ධන ඉංජිනේරු කාර්යාලය පැවසීය.
තබ්බෝව යුද හමුදා කඳවුර, කරුවලගස්වැව ප්රාදේශීය සභාව සහ කරුවලගස්වැව ප්රාදේශීය ලේකම් කාර්යාලය සහයද ඇතිව පෙරේදා (1) සිට මාර්ග සංවර්ධන අධිකාරියේ පාලම් ඒකකය විසින් පාලම කඩිමින් සවිකර ගමනා ගමනයට මෙසේ විවෘතකර ඇත.
අදාළ ස්ථානයේ කලින් තිබූ කොන්ක්රීට් පාලම ගංවතුරට හසුවීමෙන් කඩා වැටීම නිසා මෙහි ගමනා ගමනය ඇණ හිට තිබුණි.
ජයරත්න වික්රමාච්චි



