ග්ලේන්ෆෝල් දිය ඇල්ල දිත්වාට පෙර දිත්වාට පසු
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් පැවති දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණයෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දිය ඇල්ල අවට ප්‍රදේශය දැඩි හානියට ලක්ව තිබේ.
එකල සුන්දර දිය ඇල්ලක් ලෙස ප්රකටව පැවති ග්ලේන්ෆෝල් දිය ඇල්ල පසු කාලීනව එහි ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිදු කරන ලද විවිධ අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් එහි ජල පහරට සහ දිය ඇල්ල අවට පරිසර පද්ධතියට හානි සිදුව ඇති බවත්, දිය ඇල්ල අවට ප්‍රදේශය අවස්ථා කීපයක දී නායයෑම්වලට පවා ලක් වූ බව උඩරට පරිසරවේදීහු පවසති.
මීටර් 10ක පමණ උසකින් සමන්විත ග්ලේන්ෆෝල් දිය ඇල්ල නුවරඑළිය සිංගල් ට්‍රී කඳුවැටියේ සිට පහත කඩා හැලෙන අතර, දිය ඇල්ලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවල සිදුව ඇති පාරිසරික විනාශයන් හේතුවෙන් මෙහි ජලය ඇත්තේ වර්ෂාව පවතින දිනවලදී පමණක් බව ඔවුහු කියති.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් දිය ඇල්ලේ ඉහළ ප්‍රදේශයේ සිට කඩා වැටුණු පස්, ගල්, පස් වැනි විවිධ දෑ හේතුවෙන් දිය ඇල්ල අවට ප්‍රදේශය දැඩි හානියට ලක්ව ඇතැයි උඩරට පරිසරවේදීහු පෙන්වා දෙයි.
පින්තූර- දිය ඇල්ල හානියට ලක්ව ඇති අයුරු එක් ඡායාරූපයකින් සහ හානි වීමට පෙර පැවති අයුරු අනෙක් ඡායාරූපයෙන් දැක්වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

