මොරගල්ලට ගොඩ ගැසුවේ පර්ල් නැවේ බෝයාවද?
ගිනිගෙන දැවුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බවට සැක සිතිය හැකි කිලෝ 250 ක් පමණ බරකින් යුත් යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයේ පාවෙමින් තිබියදී අද (10) උදෑසන ගොඩගෙන තිබේ.
ඊයේ පස්වරුවේ වෙරළට මීටර 300 ක් පමණ ඈතින් විශාල යකඩ කොටසක් පාවෙමින් තිබෙනු ප්‍රදේශයේ ධීවරයින් දැක ඇති අතර, අද උදෑසන වනවිට එය මොරගල්ල රන් සැතැපුම් වෙරළ තීරයට ආසන්නව පාවෙමින් තිබී ඇත.
ඒ අනුව අලුත්ගම ධීවර පරීක්ෂක ගේ අධීක්ෂණය යටතේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව බෝට්ටුවක් සහ කඹ යොදා ගනිමින් මොරගල්ල ප්‍රධාන සංචාරක හෝටලයක් පිටුපස වෙරළට එය ඇද දමා තිබුණි .
අඩි 7 ක පමණ උසකින් යුත් කිලෝ 250 කට ආසන්න බරකින් යුත් යකඩ බෝයාව පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයට භාරදීමට කටයුතු යොදා ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය.
පානදුර සුමිත් ප්‍රේමතිලක



popular news
- 
                            Rocky Friday, 11 June 2021 06:01 AM Meka ape Raavanaa rajathumaage Dandu Monarate kotasak wenna barida? Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                