ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
“වසංගතය කියන්නේ අපි නිර්මාණය කර ගත්තු අභියෝගයක් නොවෙයි. නමුත් අපි නිර්මාණය කර ගත්තු අභියෝගත් තිබෙනවා. අපට වළක්වන්නට බැරි, මුහුණ දීමට සිදුවන, ජයග්‍රහණය හැර අන් තේරීමක් නැති අභියෝග වගේම සමහරවිට පාලකයන් විසින් ගනු ලබන වැරදි අනුවණ තීන්දු විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලටත් අපිට මුහුණ දීමට සිදුව තිබෙනවා. තමන් විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලට නොවෙයි අපි බිය විය යුත්තේ. ඒවා නිර්මාණය නොකරගෙන හිටියාම ඒවායෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් අපට මුහුණ දී ජය ගැනීම අනිවාර්ය වී තිබෙන අභියෝගවලට විසඳුම් සෙවිය හැකි මගක් අපි විසින් වහාම නිර්මාණය කරගත යුතුව තිබෙනවා.” යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය
ඊයේ (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවති ජාතික නිදහස් පෙරමුණේ 'නිදහසේ නියමුවෝ' ප්රකාශනයක් ලෙස 'තෙවැනි මග' මාසික සඟරාව ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. “ලෝක පරිමාණයෙන් ගත්තත් අපේ රට ගැන සිතුවත් අද අපි ඉන්නේ අවුල් වියවුල් වටපිටාවකයි. මේ වෙලාවේ ලෝකය, අපේ ජීවිත කාලය තුළ සිදු වූ බරපතළම වසංගතයට ගොදුරු වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ආර්ථිකය බිඳ වැටී තිබෙනවා .දියුණු රටවල පවා ආර්ථිකයන් ඍණ මට්ටමට පත්වී තිබෙනවා.
අපේ රටට ඩොලර් ආදායම ලැබෙන බොහෝ මාර්ග අවහිර වී තිබෙනවා.මේ වගේ වෙලාවකදී තමයි මිනිස්සු වෙනදාට වඩා වැඩියෙන් සිතන්න පෙළඹෙන්නේ. මානව සංහතිය තමන් අභිමුව ප්‍රශ්න පත්‍ර මාලාවක් නිර්මාණය කරන කාලවලදී තමයි, ඉතිහාසය සුදුසු විසඳුම්, සුදුසු මාවත් නිර්මාණය කර ගන්නේ. මම විශ්වාස කරනවා අපි මේ පසුකරමින් සිටින්නේ එවැනි වෙලාවක්.
ඒ නිසා අපි මේ පසුකරමින් සිටින කාලපරිච්ඡේදය ඉතාමත් තීරණාත්මකයි, මෙම කාල පරිච්ඡේදය තුළ තමයි අපි සුදුසු තීරණ ගැනීමට ඉඩ තියෙන්නේ. ඇතැම් විට සුදුසු යැයි සිතමින් නුසුදුසු තීරණ ගැනීමටත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපට යම්කිසි සංවාදයක්, අපේ මාවත පිළිබඳ එකිනෙකා අතර ගැඹුරු හැදෑරීමක් උවමනා වන්නේ. එහෙම වුණොත් පමණයි අපි සොයාගන්නා උත්තරය 'කබලෙන් ලිපට නොවැටෙන උත්තරයක්' වන්නේ.”
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd