හයිසින්ත් විජේරත්න මහත්මියට දිවි අහිමිවූ අනතුරට හේතුව හෙළිවෙයි
ජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරලිමෙන් ඇය ජිවිතක්ෂයට පත් විය.
අද (31) දින අලුයම 12.10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල නගරය ආසන්නයේදිය.
රූගත කිරිම් අවසන් කර රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මියව නුවරඑලිය සිට කොළඹ දක්වා රැගෙන යන අතරතුර වැන් රථය ලිදුල නගරය ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 පමණ ප්‍රපාතයෙන් වු කොත්මලාඔය දෙසට පෙරලි මෙම අනතුර සිදු වි ඇත.
අනතුර සිදුවිමත් සමග ලිදුල පොලිසියේ නිලධාරින් රිය අනතුර සිදු වු ස්ථානයට ගොස් රංගන ශිල්පිනිය රෝහල් ගත කරනවිට ඇය ජිවිතක්ෂයට පත් ව සිටි බවයි පොලිසිය කියා සිටියේ.
වැන් රථයේ රියදුරාට කිසිදු තුවාලයක් සිදු වි නොමැති අතර, වැන් රථයේ රියදුරාව ලිදුල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත්, අත්අඩංගුවට ගත් රියදුරා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි ලිදුල පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් මිය ගිය නිලියගේ සිරුර ලිදුල ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර , සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය පැවසිය.








popular news
-
Reyaz Mohideen Tuesday, 03 August 2021 07:04 AM
We lost a very valuable character yet again, to a road accident. It is high time somebody tightened regulations regarding drivers carrying out there duties. In western nations drivers and pilots have rules to adhere to, part of it regulate clock in and sign out times. This also includes how much sleep and leisure time drivers should have.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

