හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය වැස්සට තෙමෙයි
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන නිළධාරින් සහ සේවකයින් (12) දින උදෑසන සේවා කටයුතු වලින් බැහැරව කාර්යාලයෙන් පිටතට පැමිණ උද්ගෝෂණයක නිරත විය.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය තුල සේවය කිරිමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බවත්, වැසි දිනවලදී කලාප කාර්යාලය තුලට වැසි ජලය කාන්දු වීම නිසා පරිඝණක පද්ධතියට හානි සිදු වන බවත්, එවැනි අවස්ථාවල පරිඝණක ගලවාගෙන ගොස් වැසි තත්වය පහව යෑමෙන් පසු යලිත් සවි කිරිමට යෑමේදි විදුලි කාන්දු වී තම ජීවිත අවධානමකටද මුහුණ පෑමට සිදු වී ඇති බවයි උද්ගෝෂණයේ නිරතව සිටි කලාප කාර්යාලයේ නිළධාරින් කියා සිටියේ.
තම කාර්යාලය යටතේ සිංහල සහ දමිළ අංශයේ පාසල් 140ක් පමණ තිබෙන බවත්, එහි ගුරුවරුන් 3500කගේ පමණ වැටුප් සකස් කිරිම, ලිපිගොනු සකස් කිරිම සදහා තම කාර්යාලයේ නිළධාරින් සහ සේවකයින් 70කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත්, එම සේවකයින්ට අවශ්‍ය පහසුකම් කිසිවක් තම කාර්යාලයේ නොමැති බවයි උද්ගෝෂණයේ නිරතව සිටි සේවකයින් කියා සිටියේ.
හැටන් කලාපයට අලුතින් කලාප කාර්යාලයක් ඉදි කිරිමට රජයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇතත්, එහි මූලික සැළසුම් කිසිවක් මේ වන තෙක් නිම කර නොමැති නිසා රජය මගින් වෙන් කර ඇති ප්‍රතිපාදන ආපසු භාණ්ඩාගාරය වෙත යැවෙන බවයි විරෝධතාවයේ නියැලී සිටි පිරිස කියා සිටියේ.
තවද, තම කාර්යාලයේ කාන්තාවන් 35කට ආසන්න පිරිසක් සේවය කරන බවත්, එම සේවිකාවන්ට ඇත්තේ එකම වැසිකිලියක් බවත්, ඇතැම් අවස්ථාවල පාසල් වල සේවය කරන ගුරුවරුන් තම කාර්යාලය වෙත සේවා කටයුතු සිදු කර ගැනීමට පැමිණීමෙදි කලාප කාර්යාලය තුල දැඩි තදබදයක්ද පවතින බව උද්ගෝෂණයේ නිරතව සිටි එම කාර්යාලයේ සේවකයින් කියා සිටියි.
දැනට රජය මගින් අලුතින් කලාප කාර්යාලයක් ඉදි කිරිම සදහා වෙන් කර ඇති ප්‍රතිපාදන වලින් හෝ තම කාර්යාලයේ පවතින අඩුපාඩුකම් සපුරාදීමට කටයුතු කරන ලෙසයි එම උද්ගෝෂණයේ නිරත සිටි පිරිස වැඩි දුරටත් කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේෙ,
හැටන් කලාප කාර්යාලය හැටන් නගරයට ආසන්නයේම අලුතින් ඉදි කිරිම සදහා රජය මගින් රු.මිලියන 60ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.
එම ගොඩනැගිලිල් ඉදි කිරිම සදහා සුදුසු ඉඩමක් තිබෙන ස්ථානයක් පිලිබදව සොයා ඒ පිලිබදව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දෙන ලෙස හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට සහ කලාපයේ සියලුම විදුහල්පතිවරුන්ට සාකච්ඡාවක් පවත්වා උපදෙස් ලබා දුන් බවයි.









popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

