ලොව විශාලතම උඩවැඩියා ශාඛයක් පේරාදෙණියේ පිපෙයි
ලොව විශාලතම උඩවැඩියා ශාඛය ලෙස සැලකෙන උඩවැඩියා ශාඛයක යෝධ උඩවැඩියා මල් ගොන්නක් මේ දිනවල පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිපී තිබේ.
Grammatopyllum speciosum යන උද්භිද විද්‍යා නමින් හඳුන්වන මෙම යෝධ උඩවැඩියා ශාඛය ලොව විශාලත්වයෙන් වැඩිම උඩවැඩියා ශාඛය ලෙස වර්තා ගත වී ඇති බව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සඳහන් කරයි.
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ උඩවැඩියා අංශ ප්‍රධානී ඉරෝෂණි අන්ද්‍රාදි මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළාය.
‘ මෙම යෝධ උඩවැඩියා ශාඛයේ මල් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දකින්නට ලැබෙන්නේ අවුරුදු 16 කට විතර පස්සේ. මෙම මල් හට ගෙන ඇති ශාඛය 2022 වසරේ රෝපණය කළ එකක්. ඒකේ පළමු වතාවටයි මේ මල් පිපිල තියෙන්නේ.
මුලින් 2010 දී විතර මේ මල් විශේෂය දකින්න ලැබුණා. ඊට පස්සේ අවුරුදු 16 කට විතර පස්සේ තමයි මේ දැන් දකින්න ලැබිල තියෙන්නේ . මේ ශාඛය රෝපණය කළේ 2022 දී විතර. විශාලතම උඩවැඩියා ශාකය වන මේ ශාඛය වැඩියෙන් පැතිරිලා තියෙන්නේ අග්නිදිග ආසියානු රටවලයි.
මෙම ශාඛයේ විශාල ශාඛයක් ගත්තහම ටොන් එකක් විතර බරක් තියෙනවා. මේකේ මීටර් දෙකක් තුනක් විතර උස මල් කිනිති හැදෙනවා. මේ මල් වර්ගය අතිශයින්ම දුර්ලභ නිසා අපි ආරාධනා කරනවා දෙස් විදෙස් සංචාරකයින්ට මේ ලැබෙන දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ලොව විශාලතම උඩවැඩියා මල් ගොන්න දැක ගන්නට පැමිණෙන ලෙස යැයිද ඉල්ලීමක් කළාය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එච්.සි.පි.ජයවීර මහත්මිය සඳහන් කරන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ මේ වන විට පිපී ඇති මෙම මෙම යෝධ උඩවැඩියා මල් සමූහය දැක ගැනිමට සියලු දෙනාට ආරාධනා කරන බවයි. මෙම ලොව විශාලතම ඕකිඩ් මල් ගොන්න දැක ගැනීමට ලැබී ඇති දුර්ලභ අවස්ථාවක් බවත් අධ්යක්ෂ ජනරාල් ජයවීර මහත්මිය තව දුරටත් සඳහන් කරයි.
Gammatophyllum speciousm යන උද්භිද විද්‍යාත්මක නමින් හ ඳුන්වන මෙම උඩවැඩියා ශාඛය තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය ඇතුළු රටවල්වල විශේෂයෙන් දක්නට ලැබෙයි.
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උඩවැඩියා අංශය තව දුරටත් සඳහන් කරන්නේ යෝධ උඩවැඩියා ශාඛයක් මල් පිපෙන තත්වයට පරිතන වීම සඳහා වසර අටත් 15 ත් අතර කාලයක් ගත වන බවයි. මෙම ශාඛයේ මල් වාර්ෂිකව හට නොගන්නා බවත් වසර හතරකට පමණ පසුව මල් හට ගැනීම සිදු වන බවත් සඳහන් වෙයි. කෙසේ නමුත් ඒ සඳහා පාරිසරික සහ දේශගුණික තත්වයන්ද බලපාන බවත් උද්භිද උද්‍යානයේ උඩවැඩියා අංශය තව දුරටත් සඳහන් කරයි.
මොහොමඩ් ආසික්










popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
