www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
කොළඹ කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක මෙට්රො බස් සේවාව මහනුවර ඇතුළු ප්රධාන නගර වෙත ව්යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, මහනුවර මෙට්රො බස් මාර්ග හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂණ ධාවනයක් අද (15) පැවැත්විණි.
ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම පරීක්ෂණ ධාවනය මහනුවර නගරයේ සිට පේරාදෙණිය හරහා ගම්පොල දක්වා කිලෝමීටර් 19ක මාර්ගයක් ආවරණය කරමින් සිදු කෙරිණි.
මෙට්රො බස් ධාවනයට අවශ්ය මාර්ග සංවර්ධන කටයුතු සහ යටිතල පහසුකම් සැපයීම ද මෙම ව්යාපෘතියට සමගාමීව සිදු කිරීමට නියමිතය.
මේ වන විට බස්නාහිර පළාතේ මාර්ග 7ක මෙට්රො බස් රථ 122ක් මගී සේවාව සඳහා යොදවා ඇති අතර, ඉදිරියේදී මහනුවරට අමතරව යාපනය සහ ගාල්ල නගර දක්වා ද සේවාව ව්යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd