ආරුක්කු නවය පාලමේ ජල කාන්දුව නවත්වනවා
උඩරට දුම්රිය මාර්ගයේ බිතාන්‍ය ජාතිකයින්ගේ විශ්මිත නිර්මාණයක් හා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනු දෙමෝදර ආරුක්කු නවය පාලමේ සිදුවි තිබෙන ජල කාන්දුව නැවැත්විමට විසදුම් යෙදිමටත් නිර්දේශ ලබාගැනීමටත් අවශ්‍ය නිළධාරින් සමග ස්ථානීය පරික්ෂණ සිදුකළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න මහතා පැවසීය,
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ඇතුලු නිළධාරින් පිරිසක් පැමිණ ආරුක්කු නවය පාලමේ සියලුම අවදානම් ස්ථාන පරික්ෂාවට ලක්කර නිර්දේශ ලබාගැනීම මෙහිදි සිදු කළාය,
මෙම අවස්තාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු මාර්ග හා කර්මාන්ත ඩී.එම්.එස් පී.පී.කේ දීගල මහතා ඇතුලු නිළධාරින් පිරිසක්ද සහභාගි විය,
අඩි 300ක් දිග,අඩි 80ක් උස සහ අඩි 25ක් පළල පාලමේ තිබෙන කුලුණු අතරින් විශාල වශයෙන් සිදුවන ජල කාන්දුව නවත්වා තවත් වසර සිය ගණනකට මෙම ජාතික උරුමය ජනතාවට දැක බලා ගැනීමට සැළස්වීමට කටයුතු කරන බව අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය,
ආරක්කු නවය පාලමේ කුළුණු ඉදිකිරිමට උපයෝගි කරගෙන තිබෙන කොන්ක්‍රීට් ගල් අතරින් ගලාඑන ජල පහරවල් නැවැත්වීමටත්,පාලම යට වැඩෙන ගස් කපා දමා සෝදාපාලුවට ලක්වන භුමිය ආරක්ෂා කිරිමටත් කටයුතු කරන බව නිළධාරින් කියයි,
මේ සම්බන්දයෙන් අදහස් දැක්වු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න මහතා..
ජාතික උරුමයක් වු ආරක්කු නවය පාලමේ ජල කාන්දුවක් තිබෙන බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුනා අද අපි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ඇතුලු නිළධාරින් පිරිසක් සමග පැමිණ දවස පුරා ආරක්කු නවය පාලමේ සවිස්තරාත්මකව පරික්ෂණයක් කළා,වසර සියයකට වඩා පැරණි මේ පාලමේ ජල කාන්දුවීමක් තිබෙනබව තහවුරු කරගත්තා,පාලම මතට වැටෙන ජලය ගලායාමට තිබු ජල පෙරණ වැසියෑම මෙයට ඉහේතුව විය හැකියි,ඒ් ගැන පරික්ෂණ කරනවා.
ගල් බැම්මේ ඉරිතලා තිබෙන බවක් පේනවා එම ප්‍රදේශ පරික්ෂා කළා, කිසිදු හානියක් නෑ වේයන් සතුන්ගේ ඉදිකිරිම් බව පෙනිගියා ඒවා නිසා කිසිදු හානියක් නැති බවද පැවසීය,




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
