Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස ස්ථාපිත කළ මාලඹේ සයිටම් ආයතනය නීතිගත නොකරන ලෙසට වසර ගණනාවක සිට දැවැත්ත අරගලයක් මෙරට පවතින අතර, අද (31දා) දිනය මේ සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක දිනයක් බවට පත්ව තිබේ. ඒ මාලඹේ සයිටම් විද්‍යාලය සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන බැවිනි. කෙසේවුවද මාලඹේ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් එයට විරුද්ධව අදහස් දක්වන සහ එයට පක්ෂව අදහස් දක්වන පාර්ශ්වයන්ගෙන් අපි විමසා බැලුවෙමි.
මාලඹේ සයිටම් විද්‍යාලයේ ප්‍රථම වෛද්‍ය උපාධි කණ්ඩායමේ සිසුවෙක් වන දිල්ෂාන් ප්‍රනාන්දු සහ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එහිදී ඔවුන් ඉදිරිපත් කළ අදහස් මෙසේ දැක්වේ
නීති විරෝධී කිසිවක් සිදු වී නෑ
දිල්ෂාන් ප්‍රනානදු - සයිටම් වෛද්‍ය ශිෂ්‍ය
Q සයිටම් ආයතනය තුළ මේ වනවිට අධ්‍යාපන කටයුතු සිදුවන්නේ කෙසේද?
සයිටම් ආයතනය ආරම්භ කළේ 2009. උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න ප්‍රතිඵල මදිවුණ නිසා සයිටම් එක පටන්ගත්තට පස්සෙ මම සයිටම් එකට ඇතුළත් වුණා.
ආරම්භයේදීම අපි සයිටම් ආයතනය ගැන හොයල බැලුවා. ප්‍රශ්නයක් නැති නිසා එයට ඇතුළත් වුණා. මුල් කාලයේ කිසිම ප්‍රශ්නයක් නැතිව අධ්‍යාපන කටයුතු කරගෙන ගියා.
ඒ කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සයිටම් ආයතනය ගිවිසුමකට පැමිණ තිබුණා හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් ලෙස අපිට ලබාදෙන්න. ඒ වෙනුවෙන් ගෙවීමක් ලබාදීමටත් සයිටම් ආයතනය එකඟ වී සිටියා. එක ශිෂ්‍ය කණ්ඩායමක් වෙනුවෙන් රුපියල් මිලියන 25ක් ගෙවීමට ගිවිසගෙන තිබුණා. නමුත් අපි එක දවසක් පමණයි හෝමාගම රෝහලට ගියේ. දෙවැනි දවසේ පටන් ලොකු විරෝධතාවයක් තිබුණා අපිව ගන්න එපා කියලා. ඒ අනුව ඒක නැවතුණා.
ඊට පස්සෙ නවලෝක රෝහලට ගියත් එතැනත් උද්ඝෝෂණ කළා. ඊට පස්සෙ තමයි නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල හදන්න පටන්ගත්තේ.
මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2010 දී අපිට උපාධි ප්රදානය කිරීමේ බලතල ලබාදුන්නා. පසුව 2013දී තවත් ගැසට්පත්‍රයක් නිකුත් කළා 2009 සිට බඳවාගත් සියල්ලන්ටම උපාධි ප්රදානය කිරීමේ හැකියාව ලබාදෙමින්.
මේ යටතේ සයිටම් විද්‍යාලයට වෛද්‍ය උපාධිය ප්රදානය කිරීමේ හැකියාව ලැබුණා. මේ අතර 2016 මැයි මාසයේ වෛද්‍ය උපාධියේ අවසන් විභාගය පැවැත්වුවා. එයත් සමත් වුණා. ලංකාවේ වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නිසානේ අපි ලංකාවේ නැවතුණේ. නමුත් වෛද්‍යවරු හැටියට කටයුතු කරන්න වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍යයි. එය ලබාදීම වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කළා.
මේ අනුමැතිය ලබාගන්න තමයි අපි අධිකරණයට ගියේ. සයිටම් තුළ නීතිවිරෝධී වැඩක් වෙලා නැහැ කියලා මට තදින්ම විශ්වාසය තිබෙනවා. ඒ නිසා ගරු අධිකරණය පිළිබඳ අපිට පූර්ණ විශ්වාසයක් තිබෙනවා.
ඒ වගේම සයිටම් ආයතනය තුළ අධ්‍යාපන කටයුතුවලට ගියේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ආචාර්ය මහාචාර්යවරු. ලංකාවේ ඕනෑම වෛද්‍ය විද්‍යාලයක් සමග සම මට්ටමේ තරග කරන්න පුළුවන් ආචාර්ය මණ්ඩලයක් අපිට හිටියා.
අපේ කාණ්ඩයේ ළමුන් 24ක් හිටියා. ඔවුන්ට ප්‍රමාණවත් පරිදි රෝගීන් හිටියා. වෛද්‍ය සභාවේ අනුමැතීන්වලට අනුව ඒ සියල්ල ප්‍රමාණවත් වුණා.
ඒ වගේම අපේ අවසාන විභාගයට කලින් අපිව පරීක්ෂා කරන්න හෝ අවශ්‍යනම් විභාගයක් පවත්වන ලෙස අපි වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටියා. එය සිදුකළෙත් නැහැ.
ඇත්තටම මෙතන ප්රශ්නය තිබෙන්නේ ප්‍රමිතිය නම් රජයේ වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙකුගේ ප්‍රමිතිය මැන බලන ආකාරයටම අපගේ ප්‍රමිතිය මැන බලන ලෙස ඉල්ලා සිටියා. ඒ සියල්ලටම අපි එකඟයි. නමුත් ඒ කිසිදෙයක් සිදුකළේ නැහැ.
තත්ත්වය මෙහෙම වෙද්දී හැම පැත්තෙන්ම අපිට විරෝධතාවය එනවා. ඒ විරෝධතාවය සාධාරණ නැහැ.
Q නමුත් මේ හරහා නිදහස් අධ්‍යාපනය අහිමි කරන බවට ශිෂ්‍ය සංගම් චෝදනා කරනවා?
ඔවුන් නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ ලබන අධ්‍යාපනය කියලා අර්ථකථනය කරනවා. නමුත් නිදහස් අධ්‍යාපනය කියපුවාහම අධ්‍යාපනය ලබන්න යම් නිදහසක් තිබෙන්නත් අවශ්‍යයයි. තමුන් කැමති විෂයධාරාවක් හදාරලා කැමති වෘත්තියකට යන්න නිදහසක් තිබිය යුතුයි.
ඒ හැකියාව මොවුන් කප්පාදු කර තිබෙන්නේ. ඒ වගේම ඒ සියල්ලටම සුදුසුකම් තිබිය යුතු බවටත්, පාඨමාලා නියාමනය විය යුතු බවටත් අපි පිළිගන්නවා.
Q ඒ අනුව සයිටම් පාඨමාලා නියාමනය වනවාද?
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා අපේ පාඨමාලා නියාමනය වෙනවා. ශිෂ්‍යයන් බඳවා ගැනීමේ ක්රියාපටිපාටියටත් ඔවුන් සහභාගී වෙනවා. සයිටම් ආයතනයට බඳවාගන්නා සියලුම සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පත්කර තිබෙන නියෝජිතයාගේ සම්මුඛ සාකච්ඡාවකට ලක්කර තමයි බඳවා ගන්නේ. ඔවුන්ගේ අධ්‍යපන සුදුසුකම් ඇතුළු සියලු තොරතුරු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දෙනවා.
Q නමුත් සුදුසුකම් නොමැති පුද්ගලයන් මේ තුළ අධ්‍යාපනය ලබන බවට චෝදනාවක් තිබෙනවා නේද?
මම වගකීමෙන් කියනවා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නියාමනයකට යටත්වයි මේ සඳහා සිසුන් බඳවාගන්නේ.
ඔවුන්ට වගකීමක් තිබෙනවා එය නිවැරදිව පරීක්ෂා කර සිදුකරන්න. ඒ වගේම එය නිවැරදි ආකාරයට සිදුවුණා කියලා මම විශ්වාස කරනවා. මම පළමු ශිෂ්‍ය කාණ්ඩයේ. මගෙන් පහළ සිටින සියලුම ශිෂ්‍ය කාණ්ඩවල සුදුසුකම් නොමැති කිසිවෙක් නැහැ. එය බොරු පදනම් විරහිත චෝදනාවක් විතරයි. උසාවි තීන්දුවෙන් ඒ ගැන හරියටම කියවේවි.
Q සායනික පුහුණුව සම්බන්ධයෙන් අර්බුද තිබෙන බවටත් චෝදනා එල්ලවුණා?
මම මුලින් සඳහන් කළ ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට සායනික පුහුණුව ලැබුණා. ඒක වෛද්‍ය සංගම් පිළිගන්නේ නැහැ. මොකද ඔවුන්ගේ න්යායපත්රය වෙන එකක්. නමුත් වෛද්‍ය සභාවේ නිර්දේශ අනුව ඒ සියල්ල සුදුසුම ආකාරයෙන් සිදුවී තිබෙනවා. මට එය වගකීමෙන් කියන්න පුළුවන්.
Q සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවන වෛද්‍යවරුන් නිසා රෝගී ජීවිත අනතුරට ලක්වන බව ඔවුන් චෝදනා කරනවා?
රෝගීන්ගේ ජීවිත අනතුරේ දමනවා කියන එක චෝදනාවක්. ඒකට පිළිතුරක් ලෙස මම කියන්නේ අපිව ඕනෑම ආකාරයකට පරීක්ෂාකර බලන්න. ඕනෑම සාධාරණ විභාගයකට අපි එකඟයි.
ඒ වගේම අපි ඉල්ලන්නේ සීමාවාසික පුහුණව සඳහා අවසරයයි. විශේෂඥ වෛද්‍යවරු යටතේ වසරක පුහුණවක් ලබලා සීමාවාසික පුහුණව හොඳ මට්ටමක තිබෙන බවට තහවුරු නොකළොත් අපිට ඉදිරියට යන්නට බැහැ. ඒ නිසා එතැනදීත් අපගේ ප්‍රමිතිය පරීක්ෂාකර බලන්න පුළුවන්. ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවානම් අපි මේ වසර ගණනක පටන් ඉල්ලන විභාගය ලබාදෙන්න කියලයි අපි කියන්නේ.
Q වසරකට ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවාගන්න බවට චෝදනාවක් තිබෙනවා. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාලය එලෙස කණ්ඩායම් දෙකක් එක වසරකට බඳවාගන්නේ නැහැ.
ශිෂ්‍ය කණ්ඩායම් බඳවාගන්නා බව ඇත්ත. මම ශිෂ්‍ය‘යෙක් විදියට වසර 06ක් සයිටම් එකේ අධ්‍යාපන කටයුතු කළා. ඒ වසර 06 තුළ විවිධාකාර විභාග ගණනාවකට අපි මුහුණ දුන්නා. ඒ හැම විභාගයක්ම පවත්වන්න රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු සහභාගී වුණා. ඔවුන් සියල්ලෝම මේ විභාග පිළිබඳව, ශිෂ්‍ය‘යෝ පිළිබඳව ලිඛිතව අදහස් අරගෙන තිබෙනවා.
මේ විභාග සියල්ලම සමත්වෙලා තමයි ඔවුන් වෛද්‍යවරු ලෙස ඵළියට එන්නේ. එම ක්‍රියාපටිපාටිය ගැන දැඩි විශ්වාසයක් තිබෙනවා.
Q ඔබ කියනා පරිදි සයිටම් ආයතනය සර්ව සම්පූර්ණද?
ඕනෑම දෙයක් සර්ව සම්පූර්ණ වෙන්නෙ නැහැනේ. සයිටම් එකත් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් රජරට වෛද්‍ය විද්‍යාලය, නැගෙනහිර වෛද්‍ය විද්‍යාලය, යාපනය වෛද්‍ය විද්‍යාලය වැනි වෛද්‍ය විද්‍යාල සමග සංසන්දනය කළොත් අනිවාර්යෙන්ම සයිටම් වෛද්‍ය විද්‍යාලය ඒ සියල්ලටම වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා වගකීමෙන් කියනවා.
මොකද රජයේ වෛද්‍ය විද්‍යාලවලත් අපේ යාළුවෝ ඉන්නවා. ඔවුන් අපිට විස්තර කියනවා. ඒවා වල තියෙන අඩුපාඩු එක්ක බලද්දී අපි අපේ අඩුපාඩු අඩුයි.
ප්‍රමිතිය ගැන බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා
රයන් ජයලත් - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු
Q මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වීමට හේතුව කුමක්ද?
මාලඹේ හොර උපාධි කඩය අහෝසි කරන්න කියලා අපි කියන්නේ ප්‍රතිපත්තිමය කාරණාවක් නිසා. අධ්‍යාපනය මුදලට විකුණන එකට, අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කරනවාට අපි ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධයි. ඒ වගේම සයිටම් ආයතනය තුළ ප්‍රමිතිය සම්බන්ධ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය මුදලට විකුණන ප්‍රතිපත්තියට අපි කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ.
Q රටක සියල්ලන්ටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු විය යුතුයි. ඔබ ඒ කාරණය සමග එකඟවනවාද?
රටක සියලුම පුරවැසියන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු විය යුතුයි. තමන්ගේ ජාතිය, කුලය, ලිංගභේදය කියන කාරණා මත අධ්‍යාපනය තීරණය නොවිය යුතුයි. එය සෑම සියලුදෙනාටම සර්ව සාධාරණව ලැබිය යුතුයි. ඒක තමයි අපේ ස්ථාවරය. නමුත් සයිටම් ආයතනය සම්බන්ධව මතුවී තිබෙන ප්රශ්නය තමයි අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීම තුළ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තමන්ගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය මත තීරණය වෙනවා. ඒ අනුව අධ්‍යාපනය මිලදීගත හැකි වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙනවා.
එය මිලදී ගන්න මුදල් තිබෙනවා නම් මිලදී ගන්න පුළුවන්. මුදල් නැතිනම් අධ්‍යාපනය ලබන්නට නොහැකි වෙනවා. සැබැවින්ම මේ තුළ අධ්‍යාපනය සමාජ අයිතියක් වෙන්නේ නැහැ.
Q පෞද්ගලික අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල බිහිවීම ලෝක ප්‍රවණතාවයක්. ලංකාව තුළ මෙවැනි ආයතන බිහිවීමට සපුරාම විරුද්ධද?
මේ ප්රශ්නය අසමින් ආණ්ඩුව අපිට කියනවා ළිඳේ ඉන්න මැඩියෝ කියලා. ඒ විදිහට ඉන්නෙ නැතුව ලෝකයේ අනිකුත් රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය, අධ්‍යාපනය ලබාදෙන ආකාරය බලන්න කියලා ඔවුන් කියනවා. අපේ රටේ විතරක් මේ තත්ත්වය නතර කරන්න උත්සාහ කරන්නේ ඇයි කියලා ඔවුන් චෝදනා කරනවා.
නමුත් මේ වන විට ලෝකය තුළ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීම තුළ ඒ රටවල් ඉතා බරපතළ අර්බුදයන්ට මුහුණදීලා තියෙනවා. උදාහරණයක් ලෙස ඉන්දියාව ගතහොත් ඉන්දියාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල අති දැවැන්ත ප්‍රමාණයක් ස්ථාපිතකර තිබෙනවා. නමුත් ඉන්දියාවේ පෞද්ගලික අධ්‍යාපනය ආරම්භ කිරීමත් සමග ඒ රටට කොපමණ විනාශයක් අත්වී තිබෙනවාද කියන කාරණා ඇතුළත් වාර්තාවක් එරට පාර්ලිමේන්තුවටත් ඉදිරිපත්කර තිබෙනවා.
ඒ වාර්තාවේ එකතැනක සඳහන් වෙනවා ඉන්දියාවේ ඇතැම් පෞද්ගලික වෛද්‍ය විද්‍යල අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන බව. සැබැවින්ම වෛද්‍ය විද්‍යාල නැති වුණත් ඔවුන් උපාධි සහතික පවා ලබාදී තිබෙනවා. මෙවැනි මාෆියා පවා ඉන්දියාවේ තිබෙනවා. භූත වෛද්‍ය විද්‍යාල කියලයි ඒවා හඳුන්වන්නේ. අධ්‍යාපනය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කිරීම තුළ එය සම්පූර්ණ ජාවාරමක් බවට පත්ව අන්තිම දූෂිත මට්ටමකට පත්ව තිබෙනවා. අපේ අසල්වැසි රට තුළ මේ තත්ත්වය උදාවෙලයි තිබෙන්නේ.
ඒ වගේම ලෝකය තුළ අධ්‍යාපනයට අයකරන මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිසුන් දැවැන්ත ලෙස අර්බුදවලට මුහුණ දී සිටිනවා. බොහෝ රටවල ශිෂ්‍ය ණය ක්‍රමය ගෙනැවිත් තිබුණත්, එය ලෝකයේ රටවල අසාර්ථක වුණ ව්‍යාපෘතියක්. අපේ රටටත් එය හඳුන්වා දෙන්න යනවා. ඇතැම් රටවල මේ ණය ගෙවාගන්නට නොහැකිව ශිෂ්‍යයෝ පාඨමාලා අතරමග දමා යනවා. මේ නිසා සිසුන් ලොකු අර්බුදවලට මුහුණදීලා සිටිනවා.
ඒ වගේම තමයි මේ වන විට ඒ රටවල නිදහස් අධ්‍යාපනය ඉල්ලලා දැවැන්ත අරගල දියත්කර තිබෙනවා. උදාහරණයක් ලෙස එංගලන්තය තුළ ශිෂ්‍ය‘යෝ දසදහස් ගණන් විරෝධතා පාගමන්වල නිරත වෙනවා.
Q ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය පුළුල් කරන්නේ නැතිවිට පෞද්ගලික අධ්‍යාපන ආයතනත් නොමැතිනම් සිසුන් විදෙස්ගතව අධ්‍යාපනය ලබාගන්නවා. මෙයට ඔබ එකඟද?
ආණ්ඩුව කාලයක් තිස්මේ අධ්‍යාපනයට වෙන්කරන මුදල් කප්පාදු කළා. දැනටත් ඒක ඒ විදියමයි. මෙලෙස කප්පාදුව සිදුකරන අපේ රටේ අවශ්‍ය පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන්නේ නැහැ. එහෙම වෙද්දි මුදල් වියදම් කරන්න පුළුවන් පිරිස විදෙස්ගත වී හෝ තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරනවා.
මේ තත්ත්වය තුළ ආණ්ඩුව අපිට චෝදනා කරනවා ළමුන් විදෙස්ගත වෙනවා අපිට මේ ගැන මොකද කියන්නේ කියලා. ඒක ආණ්ඩුව නිර්මාණය කළ ප්‍රශ්නයක්. එයට විසඳුම් දිය යුත්තේද ආණ්ඩුවමයි. විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල්කර විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා පිරිස තවත් වැඩිකළ යුතුයි.
මේ වෙනුවෙන් අපි සටන්පාඨ පවා ගෙනත් තිබෙනවා. රටට අවශ්‍ය මට්ටමට උසස් අධ්‍යාපනය පුළුල්වෙලා නැහැ. එයට නිසියාකාර වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. එහෙම තියෙද්දී ලාභ ලබන ව්‍යාපාරයක් බවට අධ්‍යාපනය පත්කරන්න උත්සාහ කරනවා.
පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම අපේ රටේ තිබෙන ප්‍රශ්නයට විසඳුමක් නොවේ. ඒ තුළින් මේ ප්රශ්නය තවදුරටත් උග්‍ර කෙරෙනවා.
Q නමුත් මේ වන විට රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මකයි?
මේ විදියට පෞද්ගලික අංශයට අධ්‍යාපනය විකිණීමට අවස්ථාව ලබාදීම නතර කළ යුතුයි. ඒ වෙනුවට රාජ්‍ය අංශය පුළුල්කළ යුතුයි. මේ අතරින් සයිටම් පිළිබඳ අපි කතා කරන්නේ ඔවුන් වෛද්‍ය විද්‍යාව විකිණීම ආරම්භකර තිබෙන නිසා. එහෙම උනත් ආණ්ඩුවට තවම බැරිවෙලා තිබෙනවා දැවැන්ත පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ස්ථාපිත කරන්න.
එය පිහිටුවන්න නම්, ආයෝජකයන් ගෙන්වා ගන්නට නම් සයිටම් වෙත පිළිගැනීමක් ලබාදීමට ආණ්ඩුව උත්සාහ කරනවා. මේ හරහා ඔවුන්ට තහවුරුවක් දීමට තමයි සයිටම් නීතිගත කරන්නට හදන්නේ. සයිටම් නීතිගත කිරීම ආණ්ඩුවට අත්‍යවශ්‍යයයි. ඔවුන් මේක සිදුකළොත් තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල තව තවත් ගෙනෙන්නට පුළුවන් වෙන්නේ. දැනට පවා අධ්‍යාපනය විකුණන කඩ ඇරෙනවාට අපි විරුද්ධයි. අධ්‍යාපනය සියල්ලන්ටම ලබාගත හැකි විය යුතුයි.
Q නමුත් මේ සයිටම් ආයතන තුළ දේශන පවත්වන්නේ රජයේ වෛද්‍ය පීඨවල මහාචාර්යවරු. ඔවුන් සමග ඔබලා සාකච්ඡා කළේ නැද්ද?
මේ සම්බන්ධ අපි කතාකර තිබෙනවා. ඔය කාරණය සත්‍යයක්. නමුත් රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන්ට ගෙවන වැටුප් ප්‍රමාණවත් නැහැ. වැටුප් වැඩිකිරීම් නැහැ. මේ කිසිදෙයක් නොකරන අතර පෞද්ගලික ආයතනවල වැටුප් දෙගුණයක් තුන්ගුණයක් ගෙවනවා.
ඒ තත්ත්වය තුළ මෙවැනි ආයතනවල සේවය කිරීමට රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු පවා යනවා. දැනට ගත්තාම රජරට, නැගෙනහිර වෛද්‍යපීඨවලට නොයන ආචාර්යවරු සයිටම් එකට යනවා.
Q සයිටම් නඩුවේ තීන්දුව අද ලැබෙනවා. මින් පසුව මොනවා වෙයිද?
සයිටම් නීතිගත කරන්න ආණ්ඩුව බොහෝ වෙහෙසෙනවා. ඒ නිසා මෙම තීන්දුව හුදෙක් අධිකරණ ක්‍රියාවලියක් බව අපි හිතන්නේ නැහැ. නඩු විභාගයේ සිදුවූ සිදුවීම් අපි දැක්කා. ඒ අත්දැකීම් අපිට තිබෙනවා. මේ නඩුව හරහා කරපු කුමන්ත්‍රණ අපි දැක්කා.
කොහොම වුණත් අපි අපේ සටන් ක්‍රියාමාර්ග ඉවත් කරගන්න සූදානම් නැහැ. සයිටම් කියන්නේ බරපතළ ප්‍රශ්නයක්. මේ නිසා සයිටම් රජයට පවරා ගන්නාතුරු හෝ එය අහෝසි කරනතුරු අපි සටන් වදිනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd