පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී මෙන්ම වෙනත් කටයුතුවලදීද චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මුදල් රැස්කරන විදුහල්පතිවරුන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මේසම්බන්ධයෙන් අදාළනිලධාරීන්ට මේවනවිටත් උපදෙස් ලබාදී ඇති අතර, පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නීතිගත තත්ත්වයක් ඇතිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2015 වසරේදී 5/2015 චක්‍රලේඛය නිකුත් කළ බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
පාසල් තුළ විවිධ වැඩසටහන්, ව්‍යපෘති ඉදිරිපත් කරමින් පාසල් සිසු සිසුවියන්ගෙන් හා දෙමවුපියන්ගෙන් මුදල් අයකිරීම, ආදි ශිෂ්‍ය සංගම් විසින් විවිධ ව්‍යාපෘති සඳහා සිදුකරන මුදල් සහ භාණ්ඩ එකතු කිරීම් මෙන්ම වෙනත් මූල්‍ය එක්රැස් කිරීම් පිළිබඳවද දෙමවුපියන්ගෙන් චෝදනා එල්ලවූ බැවින්මෙම පනත ගෙන ඒමට කටයුතු කළ බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම චක්‍රලේඛය නිකුත් කිරීම මගින් පාසල් සිසුන්ගෙන් හෝ දෙමවුපියන්ගෙන් මුදල් අයකිරීම සපුරා තහනම් කර ඇති අතර, මෙකී නියෝගය පැහැර හරිමින් කටයුතු කරන අවස්ථාවන් වෙතොත් ඒ සඳහා විදුහල්පති සෘජුව වගකිවයුතු බවත්, එවැනි මුදල් අයකිරීම හෝ එක්රැස්කිරීම උදෙසා විදුහල්පතිවරයා කිසිදු පුද්ගලයෙකුට අවසර දීම, සෘජුව හෝ වක්‍රව සිදුනොකළ යුතු බව දක්වා ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
යම්හෙයකින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව මෙවැනි මුදල් අයකිරීමක් සිදුවුවහොත් අදාළ පුද්ගලයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව 5/2015 චක්‍රලේඛය තුළ අන්තර්ගතව ඇති බවත්,මෙම චක්‍රලේඛය හරහා විදුහල්පතිවරයෙකුට නිල කුවිතාන්සියක් නිකුත්කර මුදල් අයකර ගැනීමේ හැකියාව තිබෙන්නේ අනුමත පහසුකම් හා සේවා ගාස්තු අයකර ගැනීමේදී සහ පාසලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම යටතේ විදුලි බිල, දුරකථන බිල, ආරක්ෂක වියදම් වැනි මූලික අවශ්‍යතා සඳහා පමණක් බවත්අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කළේය.
ආදි ශිෂ්‍ය සංගම් විසින් පාසල් තුළ හෝ බාහිරව සිසුන් යොදාගනිමින් විවිධ ව්‍යාපෘති සඳහා පාසල් සිසුන්ගෙන් හෝ දෙමවුපියන්ගෙන් මුදල් හා භාණ්ඩ එකතු කිරීම හෝ ලබාගැනීම පිළිබඳ තහනමක්ද 5/2015 චක්‍රලේඛය හරහා පනවා ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුළත් නිවේදනයක් අමාත්‍යාංශය ඊයේ (01දා) නිකුත්කළ අතර, එහි මෙසේ සඳහන්වේ.
සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේදී ආදි ශිෂ්‍ය සංගම් හරහා කිසිදු ආකාරයකින් මුදල් ලබාගැනීමක් සිදුනොකළ යුතු අතර, ආදි ශිෂ්‍ය සංගම් පාසලේ දියුණුව සඳහා යම් කාර්යභාරයක් ඉටුකිරීමට අදහස් කරන්නේ නම්, ඒ සඳහා පූර්ණ වාර්තාවක් මගින් අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතිය ලබාගැනීමද එම චක්‍රලේඛය මගින් අවධාරණය කර ඇති බවද ආදි ශිෂ්‍ය සංගම්වල ගිණුම් විගණනය කිරීමේ ක්‍රියාවලියක් නොමැති වුවද ආදි ශිෂ්‍ය සංගම් හරහා හෝ වෙනත් අවිධිමත් වක්‍ර මාර්ග ඔස්සේ හෝ වංචනික ලෙස මුදල් පරිහරණය සිදුකළහොත්, ඒ සියලූ පාර්ශ්ව සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සහ තොරතුරු පිළිබඳ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනතද ඇතුළත්ව අදාළ සියලු අණපනත් අනුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද එම චක්‍රලේඛයේ දක්වා ඇත.
එමෙන්ම අවංක උවමනාවකින් යම් පුද්ගලයෙකුට පාසලක් සඳහා මූල්‍යාධාර හෝ පරිත්‍යාග කිරීමක් වෙතොත්, එය පාසල් සංවර්ධන සමිතිය වෙත බාරදීමේ අවස්ථාවද මෙම චක්‍රලේඛය හරහා ලබාදී ඇති අතර, භාණ්ඩයක් නම් අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අදාළ කුවිතාන්සි නිකුත්කර පාසලේ තොග ලේඛනවලට ඇතුළත් කළ යුතුය.
එමෙන්ම මූල්‍ය පරිත්‍යාගයක් නම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත්වන බැවින්, එම මුදල් අනිසි පරිහරණය සඳහා යොදාගැනීමට ඇති ඉඩකඩද ඇහිරී යනු ඇත.කෙසේවුවත් මෙම සියලුප්රදානයන්ආධාර, පරිත්‍යාග මතු පෞද්ගලික ප්රතිලාභ අපේක්ෂාවෙන් නොවිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන්ය.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වල මූල්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛවල මුදල් අයකිරීම සඳහා වූ වගන්ති අබිබවා මෙම චක්‍රලේඛය බලපවත්නා අතර ජාතික පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාටත්, පළාත් පාසල් සම්බන්ධයෙන් පළාත් ලේකම්වරයාටත් ඇති බලය වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට විමධ්‍යගත කර නොමැති බවද 5/2015 චක්‍රලේඛය මගින් අවධාරණය කර ඇත.
එබැවින් මෙම චක්රලේඛයෙන් දරුවන්ට සහ මවුපියන්ට සැලසී ඇත්තේ විශාල සහනයක් බවත්, මේ තත්ත්වය තුළ චක්‍රලේඛයන්ට පටහැනි මූල්‍ය ආධාර හෝ ද්‍රව්‍ය එක්රැස් කිරීමක් සිදු වන්නේ නම්, ඕනෑම අයෙකුට ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කිරීමේ හැකියාවද පවතින අතර ඇතැම් පාසල් තුළ සිදුකරන අයථා මූල්‍ය හා පරිත්‍යාග ලබාගැනීමේ අවස්ථාද ඇහිරී ගොස් ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ සම්බන්ධව පැමිණිලි හා චෝදනා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරිය වෙත දුරකථන අංක 1988 ඇමතීමෙන් දැනුම් දිය හැකි බවද අමාත්‍යාංශය දැනුම් දෙයි.