අපේ ඉල්ලීම් දිනාගන්න උත්සාහ කරන්නෙ, බොරු උද්ඝෝෂණවලින් නොවෙයි
වෛද්‍ය ක්ෂේත්රය තුළ ආකාර තුනක වෛද්‍යවරු කටයුතු කරති. සාමාන්‍ය වෛද්‍යවරුන් ලෙස හඳුන්වන ශ්‍රේණි වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ පරිපාලන සේවයට සම්බන්ධ වෛද්‍යවරුන් ලෙස එය වර්ග කළ හැකිය. මේ වනවිට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට අමතරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයක් බිහිවී ඇති අතර, මීට පෙර බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරී සංගමය නමින් පැවැති සංගමය ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අලුත් වී තිබේ.මෙම නව සංගමය සම්බන්ධයෙන් ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතාගෙන් අපි අදහස් විමසුවෙමු.
Q ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අලුත් සංගමයක්ද?
අපේ සංගමය අලුත් සංගමයක් නෙවෙයි. මේ සංගමය ආරම්භ කරලා අවුරුදු දෙකහමාරකටත් වැඩියි. මුලින්ම අපේ සංගමයේ නම තිබුණේ බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරී සංගමය යනුවෙන්. මේ වසර දෙකක කාලය පුරා විවිධ වෛද්‍යවරුන්ට අවශ්‍ය වුණා අපේ සංගමයට බැඳෙන්න. භාවිතයට පහසු නමක් සංගමයට යොදමු කියා එම වෛද්‍යවරුන් බොහොමයක් විවිධ අවස්ථාවලදී පැවසුවා. එම අදහස් සැලකිල්ලට ගනිමින් ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමින් මේ සංගමය අලුත් වුණා.
Q රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉවත් වෙන්න හේතු වුණේ ඇයි?
සාමාන්‍ය වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් සහ පරිපාලන වෛද්‍යවරුන් ලෙස වෛද්‍යවරුන් කොටස් තුනක් තිබෙනවා. 95% වඩා සිටින්නෙ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීවරුන්. මේ සංගමයේ නායකත්වය සහ එවකට නිලතල දැරූ පුද්ගලයන් ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් කටයුතු කළේ නැහැ. අනිත් පුද්ගලයන් වෙනුවෙන් තමයි ඔවුන් කටයුතු කළේ. ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් අපට ඇතුළේ හඬක් නගන්න සිදුවුණා.
නමුත් ඒ කටයුතු අසාර්ථක වුණා. අපට තිබුණේ සාධාරණ ප්‍රශ්න. වෛද්‍යවරුන් ලෙස අපගේ වෘත්තියේ ඇතිවූ විෂමතා සබන්ධයෙන් අපට කතා කරන්න අවශ්‍ය වුණා. මේ විෂමතා රජයෙන් ඇතිකරපු ඒවා නොවෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඇති කරපු විෂමතා පිළිබඳවයි අපි කතා කළේ. ශ්‍රේණි වෛද්‍යවරුන් වෙනුවෙන් වෙනත් විකල්පයතක් නොමැති නිසා ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිහිටුවා ගත්තා.
Q සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මෙම සංගමය ඇතිවුවා කියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වරෙක චෝදනා කළා?
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නවීන් සොයිසාම පිළිතුරු ලබාදුන්නා. ඔවුන් විවිධ අවස්ථාවලදී විවිධ දේ පවසනවා. මුලින්ම කිව්වා ඇමතිතුමා හදපු සංගමයක් කිව්වා. දැන් කියනවා ඒ සංගමය ඉස්සර ඉඳන් තිබුණු සංගමයක් කියලා. අපේ සංගමයේ දෙවැනි සංවත්සරය පසුගියදා පැවැත්වුණේ. එයට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ සෞඛ්‍ය අමැති රාජිත සේනාරත්න මහතා. මේ සංවත්සරයට ඇමතිතුමා සහභාගි වූ නිසා ඔවුන් අපට ඒ ලේබලය අලවනවා නම්, මේ වසර දෙක පුරවාටම ඇමතිතුමා සමීපයේ සිටියේ රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය.
Q සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?
වෛද්‍යවරුන්ට ඇති සැබෑ ප්‍රශ්න අපගේ දෙවැනි සංවත්සරයේදී අමාත්‍යවරයාට කරුණු 15කින් ලිඛිතව ඉදිරිපත් කළා. එම ප්‍රශ්න සියල්ල තිබෙන බවට අමාත්‍යවරයා එකඟ වුණා. මේ සියල්ල ඉක්මනින් විසඳා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවා.
Q ඒ කරුණු මොනවාද?
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතාව පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. දැනට රාජ්‍ය සේවයේ වැටුප් වර්ධක අතුරින් අපට තිබෙන්නෙ කනිෂ්ඨ කම්කරුවාටත් වඩා අඩු වැටුප් වර්ධක වැඩිවීමක්. රාජ්‍ය සේවයේ තිබෙන අඩුම වැටුප් වර්ධකය අපට තිබෙන්නෙ. මේ කාරණය මම දිගින් දිගටම මතුකළා. අපට තිබෙන්නෙ 650 වැටුප් වර්ධක. අපිත් සමග සිටින විධායකයන්ට තිබෙන්නෙ 790 වැටුප් වර්ධක. මම මේ කාරණය මතු කළ විට වැටුප් කොමිසම පවා එය පිළිගත්තා. නමුත් පසුගිය වසර දෙකහමාරම අමාත්‍යවරයා හරහා මේ කාරණය සකස් කර ගැනීමට හැකි වුණේ නැහැ.
මොකද අමාත්‍යවරයා ළඟ හිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කාරණය කතා කළේ නැහැ. අපි මේ කාරණය දැනුම් දුන්නාට පසුව අමත්‍යවරයා එය සිදුකිරීමට එකඟ වුණා.මේ රජය යටතේ අනෙකුත් සියලුම සේවාවන්ගේ අමතර රාජකාරි සඳහා ගෙවන දීමනාව ඉහළ දමාගෙන තිබෙනවා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිදු වෘත්තීය ඉල්ලීමක් මේ රජයෙන් ඉල්ලා නැහැ. මේ නිසා මෙය සිදුකර දෙන ලෙස අපි ඉල්ලා සිටියා.
වෛද්‍යවරුන්ගේ දරුවන්ගේ පාසල් ප්රශ්නය තිබෙනවා. මොකද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අනවශ්‍ය ලෙස හැසිරුණු නිසා දරුවන්ගේ පාසල් ප්රශ්නයේදී වෛද්‍යවරන් සියල්ලෝම අපහසුතාවට පත්ව සිටින්නෙ. රජයේ වෛද්‍ය නිලධාරීන් සිදුකරන මේ කටයුතුවලට බොහෝ වෛද්‍යවරුන් අකැමැතියි. මේ ප්‍රශ්නයත් අපි ඉදිරිපත් කළා. වෛද්‍යවරුන්ගේ වාහන බලපත්‍ර ප්රශ්නය ඉදිරිපත් කළ විට එය පෙර පැවැති තත්ත්වයට පත්කර දීමට මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟතාව පළ කළා.
Q වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් මාෆියාවක් තිබෙන බව වරෙක ඔබ පැවසුවා?
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් මාෆියාවක් ක්‍රියාත්මක වුණා. රජයේ වෛද්‍ය සංගමයේ හෙන්චයියන්ට පමණයි මාරුවීම් ලබාදුන්නෙ. අනිත් වෛද්‍යවරුන් ඔවුන් අකමැති තැන්වලට මාරු කරනවා. එහෙම නැතිනම් වැඩ කරන ස්ථානයේ විවිධ අපහසුතාවලට ලක් කරනවා. මාරුවීම් බලධාරියා රාජ්‍ය සේවා කොමිෂන් සභාව. නමුත් මාරුවීම් සිදුකරන්නේ අභියාචනා සලකා බලන්නේ මේ සියල්ලම සිදුකළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඔවුන් හදන ලිස්ට් එකට තමයි මාරුවීම් සිදුවුණේ. ඒ කාරණය ඇමතිතුමා පවා පිළිගත්තා. කලින් ආණ්ඩුව යටතේ අමාත්‍යාංශයේ 07 කාමරය කියලා කාමරයක් තිබුණා.
වත්මන් ඇමතිතුමා එය තහනම් කරන තුරු ඒ කාමරයේ මේ කටයුතු සිදුවුණා. සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්ටත් වඩා ඉහළින් වැඩ කරපු නිලධාරියෙක් ඒ කාමරයේ හිටියේ. ඔහු වෛද්‍යවරුන්ට බොහෝ හිරිහැර කළා. මේ වනවිට එම නිලධාරියා ජාතික රෝහලට මාරුකර තිබෙනවා. එම කාමරයත් වසා දමා තිබෙන්නෙ. මේ වනවිට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව පමණයි. ඒ නිසා වෛද්‍යවරුන් බිය විය යුතු නැහැ. ඒ වගේම වෛද්‍යවරුන් දැන් ඉදිරියට පැමිණ තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනවා නම්, අපට බොහෝ ප්‍රශ්න විසඳාගන්න පුළුවන් වෙනවා.
Q වෛද්‍ය ආඥාපනත වෙනස් කිරීමට ඔබ සංගමය එකඟද?
වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට බොහෝ පාර්ශ්ව උත්සාහ කරනවා. විශේෂයෙන්ම වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට උත්සාහ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වය. වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම සහ වෛද්‍ය කර්මයේ යෙදීමට වෛද්‍ය සභාව විසින් අවසර පත්‍රයක් ලබාදී තිබෙනවා. ඔවුන් එක් වරක් වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට යෝජනා කර එය ක්‍රියාත්මක වීමට ප්‍රථම 2004 දී එම ශල්‍ය කොටස ඉවත් කර තිබුණා. මෙ පිළිබඳ වෛද්‍යවරුන් පවා දැනගෙන සිටියේ නැහැ. මේ කාරණය පිළිබඳ අපි දැනුවත්. ඒ වෙනුවෙන් සටන් කර නැවත එය යාථාතත්ත්වයට පත් කළා.
Q වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවේද ගැටලු තිබෙනවා නේද?
සීමාවාසික වෛද්‍යවරුන් සීමාවාසික කාලය පුරාවට සිදුකරන සේවය විශ්‍රාම යනවිට ඇතුළත් වෙනවා. නමුත් ඒ වගේම වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනස් කළා. ඉන් පසුව සීමාවාසිකභාවය සේවාවක් නොවන ආකාරයට ඔවුන් වෙන් කළා. දැන් මේ නිසාම විශ්‍රාම යෑමේ සඳහා වසර 25ක අඛණ්ඩ සේවය සම්පූර්ණ කරගැනීමට වෛද්‍යවරුන්ට නොහැකිවී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ සේවය වෙනුවෙන් කිසිම දෙයක් ලබාගෙන නැහැ. තිබෙන සියලු දේ නැතිකර ගෙන තිබෙන්නෙ කියන කාරණය මම වගකීමෙන් කියනවා.
Q සංගමය දීප ව්‍යාප්තව පවත්වා ගෙන යෑමට කටයුතු කරනවාද?
අපේ සංගමයට ඇතුළත් වෙන්න රට පුරා සිටින වෛද්‍යවරුන්ගෙන් බොහෝ ඉල්ලීම් ලැබී තිබෙනවා. ඉදිරියේදී රට පුරාම ශාඛා පිහිටුවන්නත්, ඉදිරියට යාහැකි පිරිසක් බඳවා ගන්නත් අපි තීරණය කර තිබෙනවා. අපි දැනට හරි පාරේ ගමන් කරනවා. අපේ ඉල්ලීම් දිනාගන්න උත්සාහ කරන්නෙ සාකච්ඡා මාර්ගයෙන්. වෛද්‍යවරුන් පාරට බැහැලා බොරු උද්ඝෝෂණ කරන්නේ නැතිව වෘත්තිකයෝ හැටියට නිවැරදි ආකාරයට විද්‍යාත්මකව සාධාරණව අපේ ඉල්ලීම් අපි ඉල්ලා තිබෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ යහපත් ප්‍රතිචාර ලැබේවි යැයි හිතනවා. අපත් සමග කටයුතු කළොත් බොහෝ ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවෙයි කියා අපි බලාපොරොත්තු වෙන නිසා අපිත් සමග එකතුවෙන්න කියා වෛද්‍යවරුන්ට අපි ආරාධනා කරනවා.
ඡායාරූපය - ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

