ADA
www.ada.lk
2025 ජුනි මස 25 වන බදාදා
හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය දෙසැම්බර් 09 වැනිදා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම වෙත පවරා දීමෙන් පසු ප්‍රථම වතාවට චීන ජාතික කොඩිය අද (01දා) පෙරවරුවේ මාගම්පුර වාරයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ඔසවන ලදී.
මීට පෙර ශ්‍රී ලංකා ජාතික කොඩිය ඇතුළු වරාය අධිකාරියේ සංකේත කොඩි එහි ඔසවා තිබිණි. නමුත් ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබුණේ අනෙක් කොඩි කණුවලට වඩා අඩි එකහමාරක පමණ උසිනි. නමුත් මීට දින දෙකකට ඉහතදී සියලු කොඩි කණු එක සමාන වනසේ ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබූ කොඩි කණුව උසින් අඩුකර තිබේ.
මේ අතර තම දරුවන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් මාගම්පුර වාරයේ හිටපු සේවකයන්ගේ දෙමවුපියන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහය අද (01දා) දිනයට 42 වැනි දිනයටත් පැවැත්විණි.
එමෙන්ම සත්‍යග්‍රහයේ නියැළෙමින් සිටින තම දෙමවුපියන්ට සහයෝගය දක්වමින් එම ස්ථානයේ රැඳී සිටින මාගම්පුර වරායේ හිටපු සේවකයන් කිරිබත් වෙනුවට කොස් තම උදෑසන ආහාරය ගන්නා අයුරු දක්නට ලැබිණි.
popular news
ට්‍රම්ප් මේක ආරම්භ කළා අපි මේක අවසන් කරනවා
නව භාණ්ඩාගාර ලේකම්ගේ ’පැටිකිරිය’ මෙන්න
ස්පා තරුණ කාන්තාව බිහිකල බිළිදා රෝහල් නානා කාමරයෙ කාණුුවක
පොලිස් ලොක්කෙකුගේ එළවළු වගාවක් නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් පීඩාවට?
ට්‍රම්ප්ගෙන් ඊශ්රායෙලයට අනතුරු ඇඟවීමක්
මුදල් නියෝජ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd