සෞදි රජ කුමරු පැය 4ට ලංකාවට පැමිණෙයි
සෞදියේ ඔටුන්න හිමි අල්වලීඩ් බින් තලාල් අබ්දුල්ලාසිස් අල් සවුඩ් කුමරු කෙටි එහෙත් නිල සංචාරයක් සඳහා අද (04දා) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
සෞදි රජ පවුලට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණියේ පෙ.ව. 11.15ට පමණය. ඔටුන්න හිමි කුමාරා පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.
ඔහු පස්වරු 3.00ට සිය සංචාරය නිමවා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
ඊට ප්‍රථමව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්විමට නියමිත අතර පාර්ලිමේන්තුවේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සාකච්ඡා කිරීමටද නියමිතය.
ලොකයේ බලවත්ම මිනිසුන් 100 අතර සිටින තලාල් අබ්දුල්ලාසිස් කුමරුගේ වත්මක ඇමෙරිකානු ඩොලර් බිලියන 17 .1කි. ඔහු කිංග්ඩම් හෝල්ඩින්ග් සමාගමේ සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීද වෙයි. ඔහු 62 වැනි වියේ සුවෙයි.
අංජන ශ්‍රී කුමාර / ටී.කේ.ජි. කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
