මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (17දා) වීදි සංචාරය කෙරිණි.
මහනුවර ශ්‍රී දළදා මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර පසුගිය 08 වැනිදා සිට 12 වැනිදා දක්වා දින 05 ක් වීදි සංචාරය කෙරුණු අතර, රන්දෝලි පෙරහර ඉකුත් 13 වැනිදා සිට වීදි සංචාරය කෙරිණි.
එහි අවසන් රන්දෝලි පෙරහර ඊයේ ශ්‍රී දළදා මාලිගාව අබියසින් ගමන් ආරම්භ කර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් මාලිගාවට ගෙවැදීම සිදු කෙරිණි.
මෙහිදී සධාතුක කරඬුව වැඩම කිරීම නැදුන් ගමුවේ රාජා හස්තියා විසින් සිදුකළ අතර දෑලේ ඇතුන් ලෙස කතරගම වාසනා හා ඉන්දි රාජා ගමන් කළහ.