කොස්ගම සාලාව හමුදා කඳවුරේ ඇති වූ ගින්න හේතුවෙන් ඊයේ (05දා) රාති‍්‍ර එම ප්‍රදේශයෙන් පිටව අත්තනගල්ල රජමහා විහාරස්ථානයට පැමිණ නවාතැන් ගෙන සිටි පිරිස අද (6 දා) පෙරවරුවේ යළි සිය ගම්බිම් බලා පිටත්ව ගියහ.
සාලාව, කනම්පැල්ල, පූගොඩ, අකරවිට, බෙල්ලතව ආදි ගම්වල ජනතාව දහසකට වැඩි පිරිසක් මෙහි නවාතැන්ගත් අතර කණ්ඩායම් වශයෙන් පිරිස් වරින්වර ඉවත්ව ගියහ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද ඊයේ 5 රාත්රයේ විහාරස්ථානයට පැමිණ ජනතාවගේ අවශ්‍යතා ගැන සොයා බැලුවාය.