පහුගිය දවස්වල සාගල ඇමතිවරයා ගැන නොයෙක් කතා පැතිරුණා. සාගල ඇමතිවරයා හිතා මතා සමහර දේ මග හරිනවා කියලත් කියවුණානේ. මේ නිසාම තමන් සම්බන්ධයෙන් පැතිරෙන කතා බොරු බවට මාධ්‍ය නිවේදන නිකුත් කරන්නත් ඇමතිවරයාට සිදුවුණා. කොහොම වුණත් හැමදෙනාම බලා හිදින්නේ නීතිය සහ සාමය බාර ඇමතිවරයා විදියට සාගල ගහන පදේ මොකක්ද කියලයි. මොකද පොලීසියට හා සී.අයි.ඩී. එකට නටන්න වෙන්නේ මේ පදේටනේ. පසුගියදා නාද්රෝ තාල වාදන කණ්ඩායමේ 10 වැනි සංවත්සරයේ දී ඇමතිවරයා මේ ආකරයෙන් තාල වාද්‍ය භාණ්ඩයක් වාදනය කරනු දැක ගත හැකි වුණා.
ඡායාරූපය - නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ මාධ්‍ය අංශය