සහාය දී ගමට එන්න එපාලු
අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් තාවකාලිකව කල්දමා තිබුණද, එය විවාදයට ගැනීමට ඉඩ තිබෙන බවත්, එම පනතට සහාය පළකර යළි ගම්වලට නොඑන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් නාවික හමුදාවේ හිටපු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා රණවිරු සංවිධාන, ජාතික සංවිධාන හා දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තු වටරවුමේ අද (20දා) පවත්වන ලද උද්ඝෝෂණයේදී හෙතෙම මේ බව කියා සිටියේය.
ජයන්ත සමරවීර, සිසිර ජයකොඩි, පද්ම උදයශාන්ත, විමලවීර දිසානායක, ඩී.වී. චානක, ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, කනක හේරත් යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
	 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
ඡායාරූප/වීඩියෝ - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                