ශ්රී ලංකන් ගුවන් සමාගම සතුව තිබූ අවසන් A-340 එයාර් බස් යානාව අද (07දා) ධාවනයෙන් ඉවත්කරනු ලැබීය. සිය අවසන් ගමනාන්තය ලෙස මෙම ගුවන්යානය මදුරාසියේ සිට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණියේය.
ශ්රී ලංකන් ගුවන් සමාගම සතුව ඒ-340 යානා හයක් පැවැති අතර ඉන් පහක් මීට පෙර ධාවනයෙන් ඉවත්කර තිබුණි. ප්රංශයේ නිශ්පාදිත මෙම ඒ-340 ගුවන් යානා එංජින් හතරකින් සමන්විත වෙයි.
එහි එක්වර මගින් 300ට හා කාර්ය මණ්ඩලයේ 15කට ගමන් කළ හැකිය. ආසියාවට පළමු වතාවට ඒ-340 ගුවන් යානා හදුන්වා දෙනු ලැබුවේද ශ්රී ලංකන් ගුවන් සමාගමයි.
මෙම ගුවන් යානා වෙනුවට ඒ330-300 වර්ගයේ එයාර් බස් භාවිත කිරීමට ශ්රී ලංකන් ගුවන් සමාගම මේ වන විට කටයුතු කරමින් සිටියි.
ටී.කේ.ජී කපිල/ඡායාරූප භානුක අමරසිංහ