www.ada.lk
2026 නොවැම්බර් මස 01 වන ඉරිදා
ප්රවීණ ඡායාරූප ශිල්පියෙකු මෙන්ම කවියෙකු ලෙස සැලකෙන විල්සන් හෑගොඩ ශූරීන්ගේ සියවැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවේදී අද(11දා) පෙරවරුවේ සිදුකෙරිණි.
ඔහුගේ සේවය අගයමින් පැවැති මෙම උත්සවය සඳහා තැපැල්සේවා අමාත්ය එච්.එම්.එච්.හලීම්,ලාල් හෑගොඩ මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශ්රී ලංකාව තුළ ඡායාරූප ශිල්පය ව්යාප්ත කිරීමේ නියමුවා ලෙස සැලකෙන විල්සන් හෑගොඩ මහතාගෙන් නොමිලයේ ඡායාරූප ශිල්පය ඉගෙනගත් සිසුපිරිස 20,000කට වැඩි බව සඳහන්වෙයි.
1950 වසරේ ඇරඹි ජාතික ඡායාරූප සංගමයේ ලේකම් ධුරය දරන කාලයේදීම අගනුවර තරුණ කවි සමාජය පිහිටුවා වසර 45ක් එහි ලේකම් ධුරය දරමින් කිවියන් දහස් ගණනකට කලාලොව විවෘත කිරීමටද ඒ මහතා කටයුතු කළේය.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
ජොන්ස්ටන් වරද පිළිගනියි
ඊශ්රායෙල මහ මැතිවරණයෙන් කාටවත් බහුතරයක් නෑ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd